EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Christopher (2023) | සිංහල උපසිරැසි සමඟ

– – යුක්තිය ප්‍රමාද වෙනවා කියන්නේ, යුක්තිය ප්‍රතික්ෂේප වුනා හා සමානයි – –

මලයාලම් සුපිරි තරුව මැම්මූටි, විනායි රායි, ස්නේහා, ඓශ්වර්‍යා ලෙක්ෂ්මි, අමාලා පෝල් සහ ටොම් චාකෝ ප්‍රධාන චරිත පොවන, Mystery / Adventure ඝණයට අයත් Christoper (2023) මලයාලම් චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. ඉතිං මෙලෙස දැවැන්ත නළු නිළි පිරිසක් සිටින මේ චිත්‍රපටයට IMDb දර්ශකයෙන් 7.3 ක අඟයක් ලැබිලා තියෙනවා.

එක්තරා පොළිස් නිළධාරියෙක් වටා ගෙතෙන කථාවක් මේක. ඔහු ගැන කියනවා නම්, ඔහුගේ පොළිස් දෙපාර්තමේන්තුවට යුක්තිය ඉටු කල නොහැකි නම්, ඔහු විසින්ම යුක්තිය ඉටු කර දෙන කෙනෙක්. එලෙස එවැනි සිදුවීමක් නිසා, මොහුට සේවයෙන් ටික කලක් ඈතින් සිටින්නටත් වෙනවා. නමුත් ඔහු හොර රහසේ හෝ යුක්තිය ඉටු කරන කෙනෙක්.

කාන්තාවන් හා බැදි අපරාධ සඳහා රාජකාරී කරන මොහු, පසුකලෙකදී නීතිය අතට ගෙන කටයුතු කරන්නෙක් වෙනවා.
ඒ සඳහා හේතු පාදක වුණු සියළු සිදුවීම් මෙහි අන්තර්ගතයි. ඉතිං මොහුගේ නාම‍ය රට පුරාම ප්‍රසිද්ධයි. මොහුගේ එකම දඩුවම මරනයයි. ඥාතීත්වය, තරා තිරම කිසිවක් නොබලා සිය තුවක්කුවෙන් පමණක් කථා කරන මේ නිළ ධාරියාගේ ජීවිතය හා බැදී සිදුවීම් රැල්ලක් මෙහි අන්තර්ගතයි.

— තුවක්කුව ඉස්සරහා මොන අනක්-ගුණක්ද? —
— කොකා ගැස්සුවොත් ඔළුව දෙබෑ කරන් යායි —

ශෝකය සමඟින් ගලා යන මේ කථාව බලන්න කැමති කෙනෙක් වේ නම් එහෙනම් බලන්න.

Comments