EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Christy (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alisa Fredericks, Brendalyn Richard, David Michôd
Country:United States of America
Year:2025
Subtitle By: ධනුෂ්ක විරාජ් (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageChristy (2025) | “ක්‍රිස්ටි”
කවුරු කවුරුත් දන්න Sydney Sweeney රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි Christy. හැබැයි මේ කතාවෙ එයා ඉන්නෙ අපි එයාගෙන් හැමතිස්සෙම දැකපු ලස්සන, ආදරණීය චරියක් නෙවෙයි. ඒ බොක්සිං රින්ග් එකේ ගේම ඉල්ලන ක්‍රීඩිකාවක් විදිහටයි.
මේකට පාදක වෙලා තියෙන්නෙ Christy Martin කියන කාන්තා බොක්සිං ශූරියගේ ජීවිත කතාව. 1990 ගණන්වල කාන්තා බොක්සිං ලොකුවට පිළිගත්තේ නෑ. අන්න ඒ කාලේ Christy කොහොමද ලෝකෙ දිනුwe කියලා මේකෙන් පෙන්නනවා. එයාge අන්වර්ථ නාමය වුණේ “The Coal Miner’s Daughter” කියන එක.
Christy බොක්සිං ලෝකෙ ජයගන්න හැටි විතරක් නෙවෙයි මේකෙ තියෙන්නෙ. එයාගෙ පුද්ගලික ජීවිතේ තිබුණු ඛේදවාචකයකුත් මේකෙන් පෙන්නනවා. ඒ Christy ව පුහුණු කරපු, පස්සෙ එයාගෙ මහත්තයා වුණු Jim Martin එයාට දුන්නු වද හිංසා. ගෘහස්ථව සිද්ධ වුණු මේ හිංසන සහ දරුණු පහරදීම් මැද්දෙ Christy කොහොමද තමන්ගෙ ජීවිතේ බේරගත්තෙ කියන දේත් කතාවෙන් පෙන්නනවා.
Sydney මේ චරිතය වෙනුවෙන්ම ඇඟ මහත් කරගෙන, කොණ්ඩෙ පාට වෙනස් කරගෙන මාර කැපවීමක් කරලා තියෙනවා. ඇත්ත බොක්සිං ක්‍රීඩිකාවක් වගේම එයා මේකෙ රඟපානවා.
මේක නිකම්ම Sports Film එකක් නෙවෙයි. කාන්තාවක් තමන්ගෙ හීන වෙනුවෙන් යන ගමන සහ වැරදි මනුස්සයෙක් අතින් විඳවන දුක, ඊටපස්සෙ එතනින් නැගිටින හැටි පෙන්නන කතාවක්….











