EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageCID Ramachandran Retd. SI (2024) | හැට පැන්නත් බිම යන්න බෑලු
මේකත් පොලිස් කතාවක් සහ crime thriller film එකක්. කුතුහලයෙන් බලා ඉන්න පුළුවන්. විශ්‍රාම දිනය කියන්නෙ රැකියාවෙ අවසන් අදියරට යන කොට ඉතා ආශාවෙන් බලා ඉන්න දිනයක්. ඒත් එදායින් පස්සෙ? වසර ගණනාවක්ම ඇඟට බද්ධ වෙලා තිබුන රස්සාව එක දවසින් ඉවර කරල සමු අරන් ආවට පස්සෙ මොකද වෙන්නෙ?ඉතින් අවුරුදු 33ක් කාකි සූට් එකේ හිටපු මේ උප පරීක්ෂකයට ජීවිතය හරි කම්මැලි දෙයක් වෙනවා. ඔහු පරණ පුරුදු රස්සාව ලයිෂන් නැතුව පටන් ගන්නවා, පුද්ගලික රහස් පරීක්ෂක සේවයක්. මේ ඔහුගෙ පළමු කේස් එක. ඉතින් ඔහු සාර්ථක වෙයිද ඔහු හිටපු පොලිස් දෙපාර්ථ මේන්තුව, සගයො මේ දිහා කොහොම බලයිද?
හැමදාම වගේ හඩු පොලිස් චරිත රඟපාන කලාබවන් ශාජෝන් මේකෙ වෙනස්ම පොලිස් චරිතයක් රඟපානවා. බයිජු සන්තෝශ්, සුධීර් කරමානා, අනුමොල්, ඉන්ද්‍රන්ස් අනිත් චරිත වල ඉන්නවා. සනූප් සත්‍යන් අධ්‍යක්ෂණයක්. ඔය ඇති නේ. එහෙනම් බලන්න.



