EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Civil War (2024) | අනාගත ඇමරිකානු සිවිල් යුද්ධය! | 18+

යුද්ධයක් කියන්නේ කොහෙත්ම හොඳ දෙයක් නොවන බව අපි කවුරුත් දන්නවනේ? ඉතිං මේ ඉනමපයට ගලාගෙන යන්නේ අනාගතයේ දවසක ඇමරිකා එක්සත් ජනපදයේ ඇතිවෙන සිවිල් යුද්ධයක් අරභයා. මේ සිදුවීම් සියල්ලම වෙන්නේ අනාගතයේ දවසක.

ඔස්කා සම්මානයට නිර්දේශිත වී තිබෙන Alex Garland තමයි මෙහි අධ්‍යක්ෂකවරයා වෙන්නේ. Ex Machina (2018) සහ Annihilation (2018) වගේ සින්මපටවල අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඔහු තමයි. ඒ වගේම මෙහි කතාවත් ඔහුගේ. ඉතිං පහුගිය කාලේ ඇතැම් ප්‍රධාන නිර්මාණ ආයතන අසාර්ථක වෙනකොට A24 වගේ ස්ටුඩියෝස් හොඳ නිර්මාණ එළිදක්වන්න පටන් ගත්තා. Talk to Me කියන්නෙ අන්න ඒ වගේම මේ A24 අයගේ වැඩක්. ඉතිං එයාලගේ සිනමාපට අතරින් පලමු සතියේ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරපු ෆිල්ම් එක තමයි මේක. ඒ විතරක් නෙමෙයි, මේ සිනමාපටය තිරගතවිම ආරම්භ කරපු මුල්ම සතියේ ඩොමේස්ටික් ආදායම් ලයිස්තුවේ අංක එක ස්ථානයේ රැඳී සිටියේ මේ සිනමාපටය. ඒ අනුව ඩොලර් මිලියන 50ක් වියදම් කරලා නිර්මාණය කරපු මේ සිනමාපට මේ වෙනකොට ඩොලර් මිලියන 110+ අදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

 

ඒ විතරක් නෙමෙයි මේ ලිපිය ලියන මොහොත වෙනකොට imdb වෙබ් අඩවියේ සාමාජිකයින් 65,000ක් දෙනා ජන්දය පල කරමින් 7.5ක් වගේ ඉහළතම අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි RT වෙබ් අඩවියේ විචාරක මත අතරින් 81%ක් වැනි ඉහල අගයකුත්, ඕඩියන්ස් ස්කෝර් එක ලෙසින් 71%ක් වැනි ඉහල අගයකුත් මේ සිනමාපටය හිමි කරගෙන තියෙනවා. ඉතිං මේ සිනමාපටය සඳහා ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ ස්පයිඩර්මෑන් සිනමාපටයෙන් මේරි ජේන් ලෙසින් ජනප්‍රියත්වයට පත් Kirsten Dunst. ඊට අමතරව Wagner Moura, Cailee Spaeny, Stephen McKinley Henderson, Sonoya Mizuno, සහ Nick Offerman.

ඉතිං මේ සිනමාපටයේ යුද්ධය අපිට පෙන්වන්නේ ජායාරුප මාධ්‍යවේදිනියක් වෙන ලී ඇසුරින්. අපේ රටට නම් මේ වෘත්තීය ටිකක් නුහුරු එකක්. හැබැයි මේ වෘත්තීය ලෝකයේ ඉහලම පිළිගැනීමක් සහිත වෘත්තියක්. මේ සම්බන්ධව සත්‍යය කතාවක් ඇසුරින් නිර්මාණය වුනු සිනමාපටයක් තමයි A Private War (2018) සිනමාපටය. මේ වෘත්තියේ තියෙන භයානකත්වය ගැන අපුරුවට මේකෙන් කියා දෙනවා. අපේ රට ගැනත් මේකේ කියවෙනවා. හැබැයි හොඳ විධියකට නම් නෙමෙයි.

එකම රටක එකම ජනතවාක් දෙපිල බෙදුනම වෙන විනාශය අපිට බලාගන්න පුළුවන් මේ සිනමාපටයෙන්. ඇත්තටම මේ සිනමාපටය නරම්බනකොට අපේ රටේ ඇතිවුණු එවැනි සිවිල් යුධ ගැටුම් දෙකක අතීතය මට මතක් වුණා. සමුහ මිනි වලවල්, හරි හැටි නීතියක් නොමැති රටක්, තරුණ ප්‍රජාවගේ ජිවිත මෙන්ම ඔවුන්ගේ අනාගතය කිසිදු ආකාරයකින් සුරක්ෂිත නොවන බව වගේ දේවල් යලි යලිත් සිහි ගැන්වුණා. ඒ වගේම මෑතකදී ආව හොඳ සිංහල සිනමාපටයක් වෙන “රහස් කියන කඳු” සිනමාපටයේ ඇතැම් දර්ශන මගේ මතකයට ආව මේ සිනමාපටය නරඹන වෙලාවේ. කොච්චර මේ වගේ සිනමාපට බැලුවත්, අපිටම කියල කොයි තරම් අතීත පාඩම් තිබුනත් අපි හැම වෙලේම බලන්නේ කොයි විධියකට හරි බෙදෙන්න. ඒවා ඇති ඉතිං, සිනමපටයෙන් පිට දේවල් නොවැ ඒවා.

ඉතිං මම සිනමාපටයේ කතාව ඔයාලට කියල මේක ස්පොයිල් කරන්න කැමති නැහැ,  ඇති තරම් පඳුර වටේ තැලුවනේ. හැබැයි යුද්ධය උත්ප්‍රාසයට නංවන ෆිල්ම් එකක් කියල හිතල නම් මේක බලන්න ගන්න එපා. ඔයා කල කිරීමට පත්වේවි. මොකද මේක යුද්ධය කියන එක ඇතිවීම කොයි තරම් මගහරින්න ඕනද කියල කියවෙන කතාවක් සහිත සිනමාපටයක්.

Comments