EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ben Bywater, Doug Blake, James Ward Byrkit
Cast
Go Full Cast PageCoherence (2013) | යථාර්තයන් කිහිපයක් !
සමහර විටක ඔබ ස්ක්‍රොඩින්ගර්ගේ බිළාලයා පිළිබඳව දැනුවත්ව ඇති. මෙය ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ස්ක්‍රොඩින්ගර්ගේ සංකල්පිත පරීක්ෂණයක්. සංවෘත්ත වානේ පෙට්ටියක් තුළ බිළාලයෙකු ඇතුළු කර, එම වානේ පෙට්ටිය තුළට විෂ සහිත කුප්පියක්, ගයිගර් ගණකයක් සහ මිටියක් සහ විකිරණශීලී ද්‍රව්‍යයක් ද ඇතුළු කිරීමට සලස්වනවා. විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමට පටන්ගත් මොහොත වන විට, ඒ මඟින් මිටිය ක්‍රියාත්මක වී විෂ කුප්පියෙහි වන විෂ නිදහස් කිරීම සිදුවනවා. මෙම විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමේ ක්‍රියාවලිය සැබැවින්ම අහඹු ක්‍රියාවලියක්. එය සිදුවනවා ද නැතිද කියා කලින් කීමට කිසිවෙකුටත් හැකියාවක් ලැබෙන්නේ නෑ.
නමුත් චිත්‍රපටයේ බ්‍රයන් වාද කරන විදිහට, ක්වන්ටම් භෞතික විද්‍යාවට අනුව මෙම අවස්ථාවන් දෙකම එකසමානව පැවතීමට පුළුවන්. එම වානේ පෙට්ටිය විවෘත කළ විට එය එක් අවස්ථාවක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙලෙසයි,
“අවස්ථාවන් දෙකක් එකිනෙකාගෙන් වෙනස්ව ප්‍රතිවිරුද්ධව එක සමාන ලෙස පැවතීමේදී, ප්‍රතිඵලයන් දෙකක් සහිතව වෙනමම යථාර්තයක් නිර්මාණය කරන්නට පෙළඹෙනවා. ක්වන්ටම් නොගැළපීම අර්ථ දක්වන්නේ මෙම එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් දෙක එකිනෙක අන්තර් ක්‍රියාකාරී නොවන බවටයි. “
එතකොට කොහොමද මේ සංසිද්ධිය මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ? මෙහෙමයි, එම්, හියු, මයික්, ලෝරි ඇතුළු යහළුවන් අට දෙනෙකු පමණ එක් දවසක රාත්‍රියේ ගෙදරක සාදයක් සඳහා එකතු වෙනවා. මොවුන් මෙලෙස සතුටු සාමීච්චියේ යෙදෙන අතර වාරයේ එක් වරම ගෙදර විදුලි සැපයුම ඇනහිටිනවා. නමුත්, ඒ ගෙදරින් තවත් ගෙවල් කිහිපයකට එහා එක් ගෙදරක විදුලිය ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබෙනවා. මෙහිදී වහාම ක්‍රියාත්මක වන හියු ඒ පිළිබඳව සොයා බලන්නට ඒ නිවස වෙත යනවා. නමුත් ඒ දකින දෙයින් ඔවුන් පුදුමයට පත් වෙන්නෙ නොදැනුවත්වම. ඒ නිවස තුල සිටින්නේ, ඔවුන් ආපු නිවස තුල සිටි ඔවුන්ගේම යහළුවන්. එය එසේ වන්නේ කොහොම ද!? ඔවුන් තවදුරටත් පුදුම වනවා. පසුව ඔවුන්ට වැටහෙන්නට ගන්නවා, ඒ නිවස අසලින් ගමන් කළ ධූමකේතුවක් මඟින් වෙනස් යථාර්තයන් ගණනාවක් නිර්මාණය කර ඇති බව.











