CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1968 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 19, 2013United States89 Min.
Your rating: 0
9.7 6 votes
Coherence (2013) | යථාර්තයන් කිහිපයක් !

සමහර විටක ඔබ ස්ක්‍රොඩින්ගර්ගේ බිළාලයා පිළිබඳව දැනුවත්ව ඇති. මෙය ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥයකු වන අර්වින් ස්ක්‍රොඩින්ගර්ගේ සංකල්පිත පරීක්ෂණයක්. සංවෘත්ත වානේ පෙට්ටියක් තුළ බිළාලයෙකු ඇතුළු කර, එම වානේ පෙට්ටිය තුළට විෂ සහිත කුප්පියක්, ගයිගර් ගණකයක් සහ මිටියක් සහ විකිරණශීලී ද්‍රව්‍යයක් ද ඇතුළු කිරීමට සලස්වනවා. විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමට පටන්ගත් මොහොත වන විට, ඒ මඟින් මිටිය ක්‍රියාත්මක වී විෂ කුප්පියෙහි වන විෂ නිදහස් කිරීම සිදුවනවා. මෙම විකිරණශීලී ද්‍රව්‍යය ක්ෂය වීමේ ක්‍රියාවලිය සැබැවින්ම අහඹු ක්‍රියාවලියක්. එය සිදුවනවා ද නැතිද කියා කලින් කීමට කිසිවෙකුටත් හැකියාවක් ලැබෙන්නේ නෑ.

විද්‍යාඥයින් පවසන අන්දමට පරමාණුවක් එකම අවස්ථාවක් තුළ ඇති හෝ නැති අවස්ථාවක් තුළ තිබිය හැකියි. එහි අදහස පෙට්ටිය තුළ සිටින බිළාලයා ජීවත්ව සිටීමට මෙන්ම මිය යාමට හැකිවීමටත් පුළුවකමක් කමක් තිබෙනවා. එය 50න් 50ක සම්භාවිතාවක්.

නමුත් චිත්‍රපටයේ බ්‍රයන් වාද කරන විදිහට, ක්වන්ටම් භෞතික විද්‍යාවට අනුව මෙම අවස්ථාවන් දෙකම එකසමානව පැවතීමට පුළුවන්. එම වානේ පෙට්ටිය විවෘත කළ විට එය එක් අවස්ථාවක් බවට පරිවර්තනය වීමට හැකියාව ලැබෙනවා. ඔහු තවදුරටත් පවසන්නේ මෙලෙසයි,

“අවස්ථාවන් දෙකක් එකිනෙකාගෙන් වෙනස්ව ප්‍රතිවිරුද්ධව එක සමාන ලෙස පැවතීමේදී, ප්‍රතිඵලයන් දෙකක් සහිතව වෙනමම යථාර්තයක් නිර්මාණය කරන්නට පෙළඹෙනවා. ක්වන්ටම් නොගැළපීම අර්ථ දක්වන්නේ මෙම එකිනෙකට වෙනස් ප්‍රතිඵලයන් දෙක එකිනෙක අන්තර් ක්‍රියාකාරී නොවන බවටයි.  “

එතකොට කොහොමද මේ සංසිද්ධිය මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නෙ? මෙහෙමයි, එම්, හියු, මයික්, ලෝරි ඇතුළු යහළුවන් අට දෙනෙකු පමණ එක් දවසක රාත්‍රියේ ගෙදරක සාදයක් සඳහා එකතු වෙනවා. මොවුන් මෙලෙස සතුටු සාමීච්චියේ යෙදෙන අතර වාරයේ එක් වරම ගෙදර විදුලි සැපයුම ඇනහිටිනවා. නමුත්, ඒ ගෙදරින් තවත් ගෙවල් කිහිපයකට එහා එක් ගෙදරක විදුලිය ඇති බව ඔවුන්ට දැනගන්නට ලැබෙනවා. මෙහිදී වහාම ක්‍රියාත්මක වන හියු ඒ පිළිබඳව සොයා බලන්නට ඒ නිවස වෙත යනවා. නමුත් ඒ දකින දෙයින් ඔවුන් පුදුමයට පත් වෙන්නෙ නොදැනුවත්වම. ඒ නිවස තුල සිටින්නේ, ඔවුන් ආපු නිවස තුල සිටි ඔවුන්ගේම යහළුවන්. එය එසේ වන්නේ කොහොම ද!? ඔවුන් තවදුරටත් පුදුම වනවා. පසුව ඔවුන්ට වැටහෙන්නට ගන්නවා, ඒ නිවස අසලින් ගමන් කළ ධූමකේතුවක් මඟින් වෙනස් යථාර්තයන් ගණනාවක් නිර්මාණය කර ඇති බව.

එතකොට ඒ නිර්මාණය කළ යථාර්තයන් කළින් සඳහන් කරපු ක්වන්ටම් භෞතික විද්‍යාත්මක සංකල්පයට සම්බන්ධ වෙන්නෙ කොහොම ද? ඒ ගැන දැන ගන්නම නම් චිත්‍රපටිය මුල ඉඳන් හොඳින් බලන්න වෙනවා. සෑහෙන්න පැටලිලි සහගත සුපිරිතම විද්‍යා ප්‍රබන්ධයක් වෙනවා නොඅනුමානයි මේක!
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Coherence (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යස්මික සෞභාග්‍යය (Baicope)
IMDb 7.2 /10 153,092 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Doug Blake
Director

Cast

Similar titles

Kochaal (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Colonia (2015) with Sinhala Subtitles | රහසිගත සිරකදවුර. |සිංහල උපසිරසි සමඟ
Miral (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chief of Station (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Commando 2 (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ultraman: Rising (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Next 365 Days (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Konda Polam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Velaikkaran (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kung Fury (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Take Cover (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
iSmart Shankar (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published