EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cuttputlli (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Amit Singh Rajput, Amod Burande, Jakesh Dalal, Ranjit Tiwari
Cast
Go Full Cast PagePower nahi, minds games hain!
Cuttputlli (2022) Sinhala Sub
Cuttputlli (2022) Sinhala Subtitle
Cuttputlli (2022) Sinhala Subtitles
ඔන්න එහෙනම් පහුගිය සිකුරාදා නිකුත් උන අලුත්ම හින්දි චිත්‍රපටියක් අරන් එන්න තමයි මේ සුදානම.. මේක තවත් රිමේක් එකක්..Ratsasan දමිළ චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්… ගොඩක් අය දමිළ චිත්‍රපටිය නරඔලා තිබ්බ නිසා දමිළ චිත්‍රපටිය තරම් ලොකු කුතුහලයක් හින්දි චිත්‍රපටිය අවසානයේ නැහැ. ටිකක් ක්‍රියාදම පැත්තට ටිකක් බර කරලා වගේ තමයි හින්දි චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.. ඊට අමතරව තව තව තැන් කිහිපයක්ම හින්දි චිත්‍රපටියේ වෙනස් කරලා තියනවා. ඉතින් සමාන්‍යෙයන් අපි හොද චිත්‍රපටියක් නැරබුවාම ආපහු ඒක බලන්න හිතනවානේ. Ratsasan චිත්‍රපටිය ආපහු බලන්න කියලා හිතෙනවා නම් ඒකට විසදුමක් විදියට මේක බලන්නකෝ.. කොහොමත් හින්දි රසිකයෝ වගේම අක්ෂේ කුමාර්ගේ චිත්‍රපටි රසිකයෝ නම් මේක මගහැරගන්න එකක් නැහැ කියලා මං හිතනවා..
කතාව ගැන ටිකක් කියන්නම්කෝ… අර්ජුන් සේති කියන්නේ චිත්‍රපටියක් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඔහු අවුරුදු ගානක් සීරියල් කීලර්ස්ලා ගැන විස්තර හොයලා ඒ අනුසාරයෙන් චිත්‍රපටියක් කරන්න ආසාවෙන් ඉන්නවා. නමුත් කිසිම නිශ්පාදකයෙක් ඔහුගේ කතාවට කැමැති වෙන්නේ නැහැ. මේ නිසාමයි ඔහුගේ අක්කා කියන්නේ වෙන රස්සාවක් හොයාගන්න කියලා. කොහොම හරි අර්ජුන්ගේ තාත්තා හිටපු කෙනෙක් නිසා වගේම මස්සිනාත් පොලිසියේ කෙනෙක් නිසා අර්ජුන්ටත් පොලිසියේ රැකියාවක් ලැබෙනවා.එහෙම අරන් ඔහු යන්නේ කසූලි වලට. මේ අතර වාරයේ තමයි කසූලි වල අවුරුදු 15ක ගැණු ළමයෙක්ව නන්නාදුනන පුද්ගලයෙක් පැහැරගන්නේ පොලිසිය මේ ගැන පරික්ෂන කරන කොට දින දෙකක් ඇතුලත මේ ගැණු ළමයාව මරලා දාලා තියනවා.. ඒක වෙලා නතර වෙන්නේ නැහැ තවත් ඒ වයසේම වගේ ගැණු ළමයෙක්ව පැහැරගන්නවා.. මේ පැහැරගැනිම් දාමය නවත්වන්න කසූලි පොලිසියට හැකි වේවිද? ඒ වගේම මෙහෙම පැහැරගන්න පුද්ගලයා කවුද කියලා දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා…



