EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Director:Ahmed Siddiqui, Uday Chopra, Virat Raj Gupta, Yash Chopra
Year:1993
Subtitle By: චතුරංග උස්වත්ත (baiscopelk)
Cast
Go Full Cast PageA Violent Love Story
( Darr (1993) With Sinhala Sub , Darr (1993) With Sinhala Subtitle , Darr (1993) With Sinhala Subtitles )
මේක Release වෙලා තියෙන්නේ 1993 දෙසැම්බර් 24 වෙනිදා. ප්‍රධාන නළු නිළියන් ලෙස ශාරුක් ඛාන්, සනී ඩියෝල්, ජුහී චව්ලා සහ අනූපම් කේරී මේක රංගනයෙන් දායක වෙනවා. හැමෝම හිතාගෙන ඉන්න විදිහට සුපිරි නළු ශාරුක් මේක රඟපාන්නේ පෙම්වතාගෙ role එක නම් නෙවෙයි. ඔහු තමයි මේ කතාවෙ දුෂ්ටයා. ?
මේ චිත්‍රපටයේ අපි කාටත් හුරුපුරුදු ඉතා ජනප්‍රිය ගීත කීපයක්ම ඇතුළත් වෙලා තියනවා. විශේෂයෙන්ම මේකේ එන උදිත් නාරායන් ගායනා කරන “Jaadu Teri Nazar” ගීතය අහපු නැති කෙනෙක් නැති තරම්. ශාරුක්ගේ විශිෂ්ට රංගනය නිසා එම වසරේ Filmfare සම්මාන උලලේදී හොඳම දුෂ්ට නළුවා වීමට නිර්දේශ වෙනවා. මෙහිදී අනූපම් කේරී හොඳම විකට නළුවා ලෙස සම්මාන ලබාගන්නවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සුපිරි චිත්‍රපට රැසක් බිහිකළ යශ් චොප්‍රා, සංගීත අධ්‍යක්ෂණය ශිව්-හරි විසින් සිදුකරලා තියෙනවා. IMDB වල මේකට 7.6ක හොඳ rating එකක් හම්බවෙලා තියනවා.
දැන් බලමු මේකෙ කතාව…
කිරන් කියන්නේ ලස්සන ගෑනු ළමයෙක් මෙයා කසාද බඳින්න ඉන්නේ සුනිල් කියලා නාවික හමුදා මැරීන් නිලධාරියෙක්. මේ දෙන්නගේ අතරට රාහුල් කියලා කෙනෙක් එනවා. එයා කිරන්ගේ කොලේජ් එකේ එකට ඉගන ගත්ත කෙනෙක්. ඉතින් මේ තුන්දෙනාගෙ කතාව මොනවගේ වෙයිද..? ඒකට නම් film එක බලන්නම වෙනවා.
ගොඩාක් අය සමහරවිට මේක කලින් බ
ලලත් ඇති, ඒත් සිංහල උපසිරසිත් එක්ක ආයෙත් බලන්න. අමතක නොකර හැමෝම පුළුවන් විදිහට අදහස් දක්වලා කමෙන්ට් එකක් දාලා යන්න.


![Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/snullkwVk9LXGjHxI2A80TRmkwr.jpg)
![Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/lF0VYQj0iU98Api8aEKZ1yLSoNF.jpg)
![Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/zOaTpg8Q91GNTfy3qt3PjxEM0uQ.jpg)
![Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]](https://image.tmdb.org/t/p/w300/sEtfjjU0ChOg8plh3AeTReljvhp.jpg)