EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඩේවිඩ්ලා දෙන්නයි, ඉරණම් දෙකයි
අද අරගෙන ආවා ටිකක් විතර පරණ ටැමිල් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි David. මේක action-thriller ගණයට තමයි අයිති වෙන්නේ.
කතාව ගැන ටිකක් කිව්වොත් මේ කතාවේ කියවෙන්නේ David කියන නම තියන, ඉන්දියාවේ පළාත් දෙකක වෙනම කාල පරාස වල ජීවත් වෙන මිනිස්සු දෙන්නෙක් ගැන. ෆිල්ම් එක ඇතුලේ දෙන්නගේම ස්ටෝරි එක මාරුවෙන් මාරුවට පෙන්නනවා. මේ දෙන්නගේම ජීවිත ටිකෙන් ටික තීරණාත්මක තැනකට එන විදිහ ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්.
එක ඩේවිඩ් කෙනෙක් 1999 යේ මුම්බායි වල ජීවත් වුන තරුණ රොක් මියුසීෂියන් කෙනෙක්. එයා මධයම පාන්තික ක්‍රිස්තියානි පවුලක තරුණ කොල්ලෙක්. මෙයාගේ තාත්තා පූජකයෙක්. හදිස්සියෙම දේශපාලන සිද්ධියක් එක්ක, එයාගේ තාත්තට පොඩි කරදරයක් වෙනවා. මේකත් එක්ක මේ දේට වගකියන්න ඕනි අයගෙන් පලිගන්න ඕනේ කියලා චේතනාවක් ඩේවිඩ්ගේ හිතට ඇවිල්ලා මෙයාලගේ ජීවිතේ එතනින් එහාට වෙනස් වෙන්න ගන්නවා.
දෙවෙනි ඩේවිඩ් 2010 යේ ගෝවා වල ජීවත් වෙන, ඕනි වෙලාවක බීගත්ත ගමන් ඉන්න ධීවර රස්සාව කරන කෙනෙක්. මෙයා කලින් කසාද බදින්න ඉදලා, කසාදේ දවසේ මනමාලි වෙන එකෙක් එක්ක පැනලා ගිහින්. හදිස්සියෙම මේ ඩේවිඩ්ට ගොළු බිහිරි, ගෑණු ළමයෙක්ට හිත යනවා. ඒත් වැඩේ කියන්නේ, ඒ කෙල්ල ඩේවිඩ්ගේ හොදම යාළුවා පීටර්, තව දවස් 10 කින් කසාද බදින්න යන කෙල්ල. ඉතින් ඩේවිඩ්, යාළුවට ද්‍රෝහි වෙයිද?
මම මෙතනින් එහාට කතාව කියන්න යන්නේ නෑ. එහෙනම් ඔයාලම බලන්න මේ ඩේවිඩ්ලා දෙන්නගේ කතාව මොන වගේ වෙයිද කියලා.



