EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dawn Of The Planet of The Apes (2014) | වානර මිනිස් ගැටුම

මේක වදුරන් සහ මිනිසුන් අතර සිද්ද වෙන ගැටුමක් සම්බන්දයෙන් සටහන් ඌවක්. IMDB වර්ගීකරනයේ 8.1 වැනි ඉතාම ඉහල අගයක් ගත්තු මේ චිත්‍රපටිය ඉතාම රසවත් කතාවකින් යුක්ත වෙනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය රග පාන්නේ ඇන්ඩි සර්කිස්. මෙයා හොබිට් චිත්‍රපටියේ ගොලියුම් විදියට රගපාන අතර තවත් ප්‍රධාන චරිතයක් රගපාන්නේ ගැරී ඕල්ඩ් මෑන්. මෙයි තමයි රොබෝකොප් (2014) චිත්‍රපටියේ දොස්තර ඩෙනට් නොර්ටන් විදියට රගපෑවේ.

කතාව ගැන කිව්වොත් මේ කතාවෙන් කියවෙන්න අර්ථය තමයි අවුරුද් දහස් ගානක් මිනිස්සු කතා කරපු සත්‍යයක්. ඇයි අපි එකිනෙකා මරා ගන්නේ කියන එක. විද්‍යඥයින් විසින් හදපු වෛරස් එකක් නිකුත් වෙලා ඉක්මනින් බොවෙන මරනය ගෙන දෙන වෛරයකින් මිනිස්සු මැරෙනවා. මේ සිදුවීමෙදී ඉතුරු වෙන්නේ වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිය තියෙන අය විතරයි. මේක වෙලා අවුරුදු 10කට පස්සේ බේරිච්චි මිනිස්සු කොටසක් සහ බේරිච්ච වදුරන් කොටසක් එක්ක ඇතිවන සටනක් කතාවෙන් කියවෙනවා. බොහොම හෙමින් කතාව දිග ඇරුනත් බොහොම රසවත් විදියට හදලා තියෙනවා කියන්න පුළුනන්. සටන් වලින් පිරිච්ච හොද කතාවක් කියලා කියන්න පුළුවන්.

ඒක නිසා මේක බලන්න කාටත් ආරධනා කරනවා. මම හිතන විදියට මේකේ හැම රසයක්ම තියෙනවා කියලත් කියන්න පුළුවන්.

Comments