EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
De De Pyaar De 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anshul Sharma, Hina Anisha Rokadia, Kunal Narula, R.P. Yadav, Rakesh E. Nair
Cast
Go Full Cast Pageමාමණ්ඩිගෙන් බේරෙන්න කරන සටන
අද අපි අරගෙන ආවෙ 2019 අවුරුද්දෙ බොක්ස් ඔෆිස් වාර්තා තියපු De De Pyaar De චිත්‍රපටියේ දෙවෙනි කොටස. පළවෙනි එක බලපු අයට මතක ඇතිනේ වයසින් වැඩි ආශිෂ් (Ajay Devgn) එයාට වඩා ගොඩක් බාල අයිෂා (Rakul Preet Singh) එක්ක යාළු වෙලා වෙන සිද්ධි දාමය. ඉතින් ඒකෙ ඉතුරු ටික තමයි මේ 2025 දි අරගෙන එන්නෙ.
පළවෙනි ෆිල්ම් එකේදි ප්‍රශ්නෙ තිබුනේ කොල්ලගෙ ගෙදරින් කෙල්ලට කැමති කරගන්න එකනේ. හැබැයි මේ පාර වැඩේ අනිත් පැත්ත. මේ පාර ආශිෂ්ට සිද්ධ වෙනවා අයිෂාගේ පවුලේ අයව, විශේෂයෙන්ම එයාගේ තාත්තව කැමති කරගන්න. මෙතන තියෙන ලොකුම ආතල් එක තමයි අයිෂාගේ තාත්තා විදිහට රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි නළු R. Madhavan. ඉතින් තමන්ට වඩා වයසින් වැඩි බෑණා කෙනෙක්ව බාරගන්න මාමණ්ඩි කැමති වෙයිද? ආශිෂ් සහ අයිෂාගේ තාත්තා අතර යන හුටපටය තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ.
Ajay Devgn සහ R. Madhavan මූණට මූණ හම්බවෙන scenes ටික නම් පට්ටම ආතල්. Romance වගේම Comedy උපරිමයෙන් තියෙන, පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන හින්දි චිත්‍රපටියක් මේක. එහෙනම් වයස ප්‍රශ්නයක්ද කියලා ආයෙම පාරක් බලාගන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා.











