EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageආදරයට වයස බලපානවද?
මට 50යි.
මම නරක සැමියෙක් උනා.
මම නරක තාත්ත කෙනෙක් වුනා.
මට ළමයි ඕනෙත් නෑ.
මට එයාල වෙනුවෙන් ඉන්න ඕනෙත් නැ.
අවුරුදු දෙකකින් මට 52යි.
අවුරුදු 4කින් මට 54යි.
මට 65දි අවුරුදු 10ක ළමයෙක්ගෙ තාත්ත වෙන්න ඕනෙ නෑ.
එයා කොලේජ් යද්දි මට 70යි.
සමහරවිට මම එච්චරකල් ඉන්න එකකුත් නෑ.
අවුරුදු 50ක මිනිහෙක් අවුරුදු 26ක තමන්ගෙ දුවගෙ වයසෙ
ගෑනු ළමයෙක් එක්ක යාලු උනාම එහෙමත් වෙන්න ඉඩ තියෙනවා.
අයේශා ඔයා වෙනුවෙන්…
මම හැම දෙයක්ම ආයෙ කරන්නම්
හැම තැනකටම ආයෙ යන්නම්
හැම වැරැද්දක්ම ආයෙ කරන්නම්
හැම රණ්ඩුවක්ම ආයෙ රණ්ඩු වෙන්නම්
ආයෙ ඔයාව පිලි ගන්නම්
ආයෙ අපිට සිංදු තෝරන්නම්
ආයෙ සුරතල් නමකුත් තෝරන්නම්
හැම බොරුවක්ම ආයෙ කියන්නම්
හැම හිනාවක්ම ආයෙ හිනා වෙන්නම්
හැම කඳුලක්ම ආයෙ හෙලන්නම්
ඔයා නැති ජීවිතේ මහ අඳුරක් තියෙනවා
මට එක පාරක් ආයෙමත් ඔයත් එක්ක
ජීවත් වෙන්න ඉඩ දෙන්න.
රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgn,Tabu, Rakul Preet Singh, Javed Jaffrey, Jimmy Shergill, Alok Nath සහ Madhumalti Kapoor.
පලමු වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් දල වශයෙන් කෝටි 8.25-8.5 ක ආදායමක් ලබා ගන්නවා. දෙවන දිනයේ කෝටි 12.5ක්ද තෙවන දිනයේ කෝටි 14ක ආදායමක්ද ලබනවා. දැනට ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 138.51 ක්ද, ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් කෝටි 123.38 ක ආදායමක් ලබා 2019 වසරේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් අට වන ස්ථානයේ සිටිනවා.











