CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

DeAr (2024) | සිංහල උපසිරැසි සමඟ

 

G.V. Prakash Kumar හා Aishwarya Rajesh ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන දමිළ චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. අර්ජුන් කියන්නේ ප්‍රවෘත්ති ආයතනයක ප්‍රවෘත්ති ඉදිරිපත් කරන කෙනෙක්. අර්ජුන්ගේ කලවයස හරි නිසා අර්ජුන්ගේ ගෙදර අම්මයි අයියායි එකතු වෙලා මෙයාව කසාද බන්දලා දෙන්න හිතනවා. ඒ ගැණූ ළමයාගේ නම තමයි දිපිකා. දිපිකාව හම්බවෙන්න ගිය මුල්ම දවසේම අර්ජුන්ටත් එයා ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් වැඩි කල් නොගොස්ම දෙන්නාගේ කසාදේ සිද්ධ වෙනවා. හොදම වැඩේ වෙන්නේ දැන්.. දිපිකාට පොඩි කාලේ ඉදන් අවුලක් තියනවා ඒ කියන්නේ නිදාගත්තාම හොදටම ගොරවන එක. අර්ජුන් එකේ අනික් පැත්ත.. නිදාගෙන ඉද්දි කෙනෙක් පොඩි සද්දේකට කැස්සාත් ගැස්සිලා ඇහෙරෙනවා. ඉතින් දැන් දැන් අර්ජුන්ගේ දිපිකාගේ විවාහ ජිවිතේ මොනා වේවිද මොකද දිපිකාත් අර්ජුන්ට මේ ගොරවන එක ගැන නොකියා තමයි කසාද බදින්නේ… එහෙනම් දෙන්නාගේ ජිවිතේ මොන මොනා වේවිද කියලා දැනගන්න මේ චිත්‍රපටිය අරන් බලන්න…

Comments

June 3, 2024

Gammak

June 3, 2024

Gammak thama