EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Deiva Thirumagal (2011) | දේවදූති​ය

ඔන්න අද ගෙනාවා කොලිවුඩ් සිනමාවේ Deivathirumagal(2011) යන නමින් තිරගතවුණු දමිළ චිත්‍රපටයක් ….අද ගෙනාව මේ කතාවට IMDb අගය 8.2/10 මේ කතාවට තියෙනවා…මේක නිකුත් වෙන්නේ 2011 ජූලී 15 වන දින

මේකට රංගන දායකත්වය දෙන්නේ
නසාර්, අනුෂ්කා, අමලා පෝල්, සන්තානම්, වයි.ජී.මගේන්ද්‍රන්, එම්.එස්.භාස්කර්, සාරා, ‘බ්ලැක්’ පාණ්ඩි, සචින් කේඩේකාර්, ක්‍රිෂ්ණ කුමාර්, ජෝර්ජ්, කිෂෝර්, ප්‍රියා, සුරේඛා, ටී.එම් කාර්තික්, ත්‍යාගරාජන්, රාමක්‍රිෂ්ණන් යන පිරිසයි

කතාව පටන් ගන්නේ මෙහෙමයි…..

චිත්‍රපටය පටන් ගන්නේ ක්‍රිෂ්ණන් (වික්‍රම්) ඔහුගේ හය හැවිරිදි දියණිය වන නීලා (සාරා) සමඟ පැමිණීමත් එක්කයි. ක්‍රිෂ්ණන් (වික්‍රම්) එයාගේ දුව නීලා නගරයේදී මග හැරී ඇයව සොයමින් ඉන්නවා . ඒ අවස්ථාවේදී ක්‍රිෂ්ණාගේ මුදල් පසුම්බිය නැතිවෙනවා එතකොට කෙනෙක් එයාගේ දුවව අතුරුදහන් වෙච්ච එක ගැන පොලිස් පැමිණිල්ලක් කරන්න කියලා එයාට කියනවා ඊටපස්සෙ ක්‍රිෂ්ණා පොලිස් ස්ථානයට යනවා.
මෙතනදී
අනුරාධා රගුනාදන් (අනුෂ්කා) නීතිඥවරියක් ලෙස තමයි රංගනයට දායක වෙන්නේ ඇයට හැසිරවීමට කිසිම නඩුවක් නැති උනත් අනුරාධාගේ සහායක විනෝද් (සන්තනම්) ඇයට නඩුව ලබා ගැනීමට උදව් කරනවා. ක්‍රිෂ්ණා එයාගේ දියණිය සොයාගන්න අනුරාධාගේ උදව් ඉල්ලනවා

ක්‍රිෂ්ණා තම නැතිවූ දියණිය ගැන කතා කරන කොට, ක්‍රිෂ්ණා මානසිකව අස්ථාවරයි කියලා අනුරාධාට දැනගන්නට ලැබෙන අතර එයාව නොසලකා හරින්න තීරණය කරනවා, ඒත් එයා අනුරාධාගේ පස්සෙන්ම ගිය නිසා අනුරාධා එයාව උසාවියේ දාලා පැනලා යනවා. ක්‍රිෂ්ණා උසාවියෙන් එලියට නොගියපු නිසා පොලිසියෙන් පහර දීලා රෝහල් ගත කරනවා.

ඒ ගැන ආරංචි වෙලා අනුරාධා රෝහලට එනවා ක්‍රිෂ්ණ කියන්නෙ කවුද , එයා එයාගේ බිරිඳ වෙච්ච භානු එක්ක අවලන්ජි කියන ගමේ ජීවත් වුනා භානු ගැබ් ගෙන හිටියා, ගැහැණු ළමයෙකු බිහි කරලා මිය ගියා කියල අනුරාධා දැනගන්නවා,

ඊට පස්සේ අවුරුදු කීපයකට පස්සේ නීලා පාසලකට බැඳෙනවා. නීලා පාසලේ විදුහල්පතිනි ස්වේතා සර්ගුණම් (අමලා පෝල්) ට ළං වෙනවා. ස්වේතා කාර්තික් කුමාර් (ආරාධිත රංගනය) එක්ක මේ අතරේ විවාහ ගිවිසගෙන ඉන්නවා.

දවසක් දෙමාපිය දින රැස්වීමකදී, නිලාගේ පියා ඇගේ සහෝදරිය වන භානුගේ සැමියා කියලා ස්වේතාට දැනගන්නට ලැබෙනවා. ස්වේතායි එයාගේ තාත්තායි නිලාව ක්‍රිෂ්ණාගෙන් ඈත් කරන්න තීරණය කරනවා. ස්වේතායි එයාගේ තාත්තයි නිලාව ක්‍රිශ්නගෙන් ඈත් කළාද?, අනුරාධා මේ නඩුව භාර ගත්තාද? ක්‍රිෂ්ණා එයාගේ දියණිය නිලාව ආපහු අර ගත්තද?

කියල දැනගන්න ඔයාලටත් මේ චිත්‍රපටය බලන්න කියල මන් හදවතින්ම ආරාධනා කරනවා

Comments