EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Demonte Colony (2015) | හොල්මන් බංගලාව

 

මෙය තිරගත වීමට ආරම්භ කර ඇත්තේ 2015 මැයි 22 නිදාය. මෙහි අධ්‍යක්ෂණය හා කතාව ලියා ඇත්තේ, නවකයෙකු වන අතර ඔහු නමින් R. Ajay Gnanamuthu වේ. සාමාන්‍යයෙන් ඉන්දියානු Horror චිත්‍රපට වලට ඉතා ලොකු Imdb අගයක් ලැබෙන්නේ නැහැ. නමුත් මෙයට Imdb Rating එක 7.2 ක් ලැබිලා තියෙනවා, තේරෙනවා ඇතිනේ සුපිරි චිත්‍රපටයක් කියලා. මෙහි නළුවා වන්නේ මම කලින් දුන්න Mouna Guru චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ, Arulnithi Tamilarasu (Srinivasan/ස්රිනි) ලෙසත්, මෙහි නිලියක් නැති අතර සහයක නළුවන් වන්නේ, Ramesh Thilak (Vimal) ලෙසත්, නවකයෙකු වන Sanath (Raghavan) ලෙසත්, තවත් නවක චරිතයක් රඟපෑ Abhishek Joseph (Sajith) විසිනි.

මෙහි කතාව වන්නේ, ශ්‍රිනිවාසන්, විමල්, රාගවන්,සජිත් කියන්නේ යාළුවන් හතර දෙනෙක්. මොහුන් නැවතිලා ඉන්නේ එකම නිවසකය. ඉතින් මේ හතර දෙනා දවසක් රෑ තැබෑරුමෙන් බීලා එද්දී, ලොකු වැස්සක් වහිනවා, ඉතින් මේ වැස්ස ගැන එක එක ඒවා කතා කරන කොට එකෙක් කියනවා, අපි කොහේ හරි යමුද කියලා, රාගවන් යාලුවා කියනවා අපි Demonte Colony යමු කියලා.(එක හොල්මන් බංගලාවක්) ඉතින් ඔතන හිටපු සජිත් පොඩ්ඩක් බයගුල්ලෙක්, ඌට කැමති නැහැ Demonte Colony එකට යන්න. ඉන් පස්සේ කොල්ලෝ සෙට් එක ඌව බලෙන්ම එක්කගෙන යනවා Demonte Colony යට. ඒ බංගලාව ඇතුලට ගිය කෙනෙක් ජිවතුන් අතර ඉන්නේ නැහැ කියලා මූන් ටික හොඳින් දන්නා කරුනක්. එහෙත් ඇයි මුන් ටික ඒක ඇතුලට යන්නේ? ගියාට පස්සේ මේ සෙට් එකට මොනවා වෙයිද? ජිවත් වෙන්න පුළුවන් වෙයිද? කෙනෙක් හරි ගලවෙයිද මේකෙන්. කියලා දැන ගන්න ඕනේ නම් මේක නරඹන්න වෙනවා.

මෙය පටන් ගත් මොහොතේ ඉඳලා ඉවර වෙනකන් ඇස් පිල්ලන් නොගහා නැරඹිය හැකි සුපිරි හොල්මන් Thriller චිත්‍රපටයක්. බැලුවට කිසිම පාඩුවක් නැහැ, මම එහෙම කිව්වේ සමහර අය දෙමල කිව්වාම විජේයිගේ, සුර්යාගේ වැනි නළුවන්ගේ චිත්‍රපටනේ නරඹන්නේ, ඒ හින්දයි කිව්වේ බැලුවට කිසිම පාඩුවක් නැහැ කියලා.

    Demonte Colony Complete Collection
  1. Demonte Colony (2015)
  2. Demonte Colony 2 (2024)

Comments