EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Detective Chinatown (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chen Sicheng, Gao Lifeng, Ma Zheng, Peng Yingchao, Yun Silin
Cast
Go Full Cast PageDetective Chinatown (2015) Aka Tang ren jie tan an | රන් මංකොල්ලයේ සුල මුල
ඉතින් මේකත් ඒ වගේම හාස්‍ය, අභිරහස් කැටි වුන ෆිල්ම් එකක්. ටැන්ග් රෙන් සහා චින් කියන්නෙ තමන්ව “චයිනාටවුන් පරික්ෂකයො” කියලා අඳුන්වගන්න දෙන්නෙක්. එක්කෙනෙක් තරුණයි අනිත් කෙනා මැදි වයසෙ. ඒ දෙන්නා එකතු වෙලා විසඳන රත්තරන් මංකොල්ලයක අභිරහස තමයි ෆිල්ම් එකේ තේමාව වෙන්නෙ. ටැන්ග් රෙන්ව තමයි මේ මංකොල්ලෙ ප්‍රධාන සැකකාරයා විදියට නම් කරන්නෙ ඒ විතරක් නෙවෙයි එතනදි වෙන මිනීමැරුමටත් එයාව අහුවෙනවා. චිනුයි මෙයයි එකතු වෙලා එයාගෙ නිර්දෝෂී කම ඔප්පු කරන්න දරණ උත්සහය තමයි බලන්න පුළුවන් වෙන්නෙ.
කතාව පටන් ගන්නෙ චින් චීනෙ ඉඳලා නිවාඩුවක් ගත කරන්න එයාගෙ දුර මාමා කෙනෙක් වෙන ටැන්ග් රෙන් ජීවත් වෙන තායිලන්තෙට එන ගමනෙන්. චින්ගෙ අපරාධ විසඳන හැකියාව ගොඩක් හිත්ගන්නා සුළුයි. එයාට පුංචි වෙනසක් වුනත් හොඳින් අඳුන ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් එක්ක එකතු වෙලා විසඳන අභිරහස මොන වගේද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.
පිටුපස තොරතුරු කිව්වොත්… 2015 අවුරුද්දෙ තිරගත වුන චීන චිත්‍රපටි අතුරෙන් 9 වෙනියට වැඩිම ආදායමක් උපයපු චිත්‍රපටිය තමයි මේක. දෙවනි එක ගත්තොත් මේ අවුරුද්දෙ ලෝකෙන්ම වැඩිම ආදායම් ලබපු 10 අතරෙන් 10 වෙනි තැන ඉන්නවා. බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 126ක්. IMDb 6.6ක අගයක් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Chen Sicheng. එහෙනම් මේකත් බලන්න ආරාධනා කරනවා.
“පොතක මෙහෙම තියෙනවා, අපි තනිකඩ ජීවිත ගතකරද්දි
හරි මොකක්ද වැරදි මොකක්ද කියලා වෙන් කරගන්න බැරිලු…
කෙනෙක් ජීවත් වෙන්නෙ උපතින්ම එයාලට ලැබිලා තියෙන
චරිතයට අනුව..
සමහර අය හොඳයි.. සමහර අය නරකයි…
එතනින් ඔයා කව්ද?”
- Detective Chinatown 1 (2015)
- Detective Chinatown 2 (2018)
- Detective Chinatown 3 (2021)




