CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3038 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 480p [No Ads}
  • Player 03 720p [No Ads}
Detective Chinatown 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Detective Chinatown 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Feb. 12, 2021China136 Min.
Your rating: 0
9.6 5 votes
Detective Chinatown 3 (2021) | මෙදා පොටේ ජපානයේ

ඔන්න යාළුවනේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍රපටි මාලාවක අළුත්ම එක අරගෙන ආව. මේකෙ කලින් චිත්‍රපටි දෙක ඔයාලා බලලා ඇති කියල හිතනවා. බැලුවෙ නැති කෙනෙක් ඉන්නවනම් ඒවත් පුළුවන්නම් බලන්න කියල ඉල්ලනවා. මොකද කලින් දෙකත් එක්ක මේකෙ යම් සම්බන්ධකම් තියෙන හින්දා. මේ චිත්‍රපටියෙ පිටපත් අන්තර්ජාලයට නිකුත් උනේ ගිය සතියෙ. අපේ අශාන් සහෝදරයා මට ලින්ක් එකක් එව්වත් ඉංග්‍රීසි සබ් එකක් නිකුත් උනේ මැයි 3 වෙනිදා රෑ 10ටත් පස්සෙ. ඉතිං ඒක බාගෙන රැකියාවෙ වැඩත් එක්ක අද තමයි ඉවර කරගන්න පුළුවන් උනේ. ඉතාම විශිෂ්ඨ මට්ටමේ රහස් පරීක්ෂක කතා බලන්න කැමති අයට මේක නියමෙට අල්ලලා යයි කියල හිතනවා. එහෙනම් අපි කතාවෙ සාරාංශය ටිකක් බලමු.

ඔයාලට මතක ඇතිනෙ Detective Chinatown දෙවනි චිත්‍රපටය අවසන් වෙන්නෙ අපේ වීරයො උන චින් ෆොන්ග් සහ ටැන්ග් රෙන් නිව්යෝර්ක් වල ගුවන්තොටෙන් ආපහු චීනෙට එන්න හදද්දි ජපානෙ නෝඩා හිරෝෂිගෙන් කෝල් එකක් එනවා ජපානෙට එන්න ආරාධනා කරලා. ඉතිං ඒ ආරාධනාව ආදරේට කරපු එකක් නෙවෙයි. ලොකු අභිරහස් විසඳන්න තමයි එන්න කියල තියෙන්නෙ.සිද්ධිය මෙහෙමයි, ජපානයෙ තියෙන චීන ටවුම සංවර්ධන කිරීමට ගිණිකොණදිග ආසියානු වානිජ මණ්ඩලය කියන මාෆියා සංවිධානය සූදානම් වෙද්දි එයට බ්ලැක් ඩ්‍රැගන් නම් මාෆියා සංවිධානයෙ හයවෙනි පරම්පරාවෙ නායකයා වූ වටනාබෙ මසාරු විරුද්ධ වෙනවා. ඒ හේතුවෙන් එම කණ්ඩායම් දෙක අතර විටින් විට ගැටුම් ඇතිවීම නිසා එම කණ්ඩායම් දෙකේම නායකයො තීරණය කරනවා සාකච්ඡාවක් කරලා අවසන් තීරණයකට එන්න. ඉතිං ඒ සඳහා එයාලා තෝරගන්නෙ විශේෂ ස්ථානයක්. ඒ තමයි වතුරෙන් වටවෙලා තියෙන ජල ශාලාව කියන තැන. ඒක කාටවත් යන්නවත් පිටවෙන්නවත් බැරි ගොඩක් ආරක්ෂිත තැනක්. ඉතිං වටනාබෙ මසාරු සහ සූ චෛවිට් කියන නායකයො දෙන්නා කතාව කරගෙන යද්දි එලියෙ ඉන්න එයාලගෙ ගෝලයන්ට ඇහෙනව සූ කෑගහන සද්දයක්. කට්ටියම ඇතුලට ගිහින් බලද්දි දකින්න ලැබෙන්නෙ මහ පුදුම දෙයක්. වටනාබෙ සිහිසුන්ව වැටිලා ඉන්නව, සූ ලේ පෙරාගෙන වැටිල ඉන්නව. සූව රෝහල් ගතකරන්න අරන් යන අතරෙදි ජීවිතක්ෂයට පත් වෙනවා, අධික රුධිර වහනය හේතුවෙන්. හැබැයි මේ උනු කිසිම දෙයක් වටනාබෙට මතක නෑ. ඔන්න ඔය ගැටළුව තමයි චින් ෆොන්ග්ට විසඳන්න බාරවෙන්නෙ. ඉතිං මෙයයි එයාගෙ මාම උන ටැන්ග් රෙනුයි මේක විසඳන්නෙ කොහොමද කියලා ඔයාලට මේක බලලාම දැනගන්න වෙනවා.

මෑතක චීනයෙන් නිෂ්පාදනය වූ විශිෂ්ඨම චිත්‍රපටයක් වූ මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sicheng Chen විසින්. රචනය Sicheng Chen සහ Wusi Liu දෙන්නගෙ. ප්‍රධාන චරිත වලට Baoqiang Wang, Haoran Liu, Satoshi Tsumabuki, Tony Jaa, Masami Nagasawa යන අය පණ පොවනවා. ඔයාලට මේ නම් දිහා බලද්දි තේරෙන්න ඇති චීන වගේම ජපන් නළු නිළියනුත් මේකට සම්බන්ධ වෙලා ඉන්න බව. ඒවගේමයි සුපිරි ක්‍රියාදාම නළු Tony Jaaත් මේකෙ ඉන්නවා. ඉතිං ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේක ක්‍රියාදාම චිත්‍රපටියකුත් වෙන බව. මේක පැය 2කුත් විනාඩි 16ක් එක දිගට කිසිම කම්මැලිකමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් නිර්මාණයක්. 2021 පෙබරවාරි 12වෙනි දිනයෙ තමයි චීනයෙ ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ. Action, Adventure, Comedy කියන ඛාණ්ඩ වලට මේක අයත් වෙලා තිබ්බත් Mystery ඛාණ්ඩයටත් අනිවාර්යයෙන්ම අයිති වෙන්න ඕනෙ කියලා මං හිතනවා. මොකද මේක ඒ තරම්ම අභිරහස් කතාවක් හින්දා. චිත්‍රපටිය පුරාම හාස්‍යාත්මක ගතියක් තිබ්බත් මේක අවසන් වෙන්නෙ බලන අයගෙ ඇස් වලට කඳුලක් එකතු කරමින්. ඒ කිව්වෙ අවසානය අවුල් කියලා එහෙම නෙවෙයි, ඔවුන් මේ ගැටළුව විසඳද්දි ඒ එක්කම තවත් ගොඩක් සංවේදී රහස් වගයක් අනාවරණය වෙනවා. මේ ටික දවසට IMDb දර්ශකයෙ 5.4ක අගයක් ලබාගන්නත් මේකට පුළුවන් වෙලා තියෙනව. ඒවගේම කියන්න ඕනෙ මේක බොක්ස් ඔෆිස් වාර්තා කිහිපයක්ම මේ වෙද්දිත් තියන්න සමත් වෙලා තියෙනවා. ඒවා තමයි ආරම්භක සතිඅන්තයෙදි වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය, 2021දි දෙවනියට වැඩිම පිරිවැයක් යෙදවූ චිත්‍රපටය, පස්වෙනියට වැඩිම පිරියැයක් යෙදවූ ඉංග්‍රීසි නොවන චිත්‍රපටය යන වාර්තා. එහි පිරිවැය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 117ක්. ඉතිං දැවැන්ත නිර්මාණයක් බව ඔයාලට තේරෙනවනෙ. මේ වෙද්දිත් ඇමරිකානු ඩොලර් මිලියන 700කට ආසන්න ආදායමක් වාර්තා කරන්නත් සමත් වෙලා තියෙනවා. ඉතිං මං ආයෙමත් ඉල්ලනවා මේක බලන්න කියල.

Detective Chinatown 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detective Chinatown 3 (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ගයාන් චතුරංග (Baiscopelk)
IMDb 5.6 /10 2,337 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Chen Sicheng
Director

Cast

Liu Haoran isQin Feng
Qin Feng
Satoshi Tsumabuki isNoda Hiroshi
Noda Hiroshi
Tony Jaa isJack Jaa
Jack Jaa
Masami Nagasawa isKobayashi Anna
Kobayashi Anna
Xiao Yang isSong Yi
Song Yi
Roy Chiu isLin Mo
Lin Mo

Similar titles

Meg 2: The Trench (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo Goes Hollywood (1979)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laabam (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Birthday Boy (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
X-Men: Days of Future Past (2014)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Romeo S3 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Werewolves Within (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dream (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Equalizer 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Mask of the Phantasm (1993)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sons of Summer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published