EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Devils Stay (2025) | “යක්ෂයාගේ නැවත ඉපදීම”

ෆිල්ම් එකට සබ් හදන්න එකම හේතුව වුනේ Lee Min-Ki. එයා යක්ෂයො පළවා හරින ජූජකයෙක්ගේ චරිතය නිරූපනය කරනවා. Lee Re වගේම Park Shin-Yang, Min-Ki ට අමතරව ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එකනම් එක හුස්මට කම්මැලිකමක් නැතුව බලාගෙන යන්න පුලුවන් කියන එක තමා මගේ මතය. පැය 1 යි මිනිත්තු 45ක් පුරාවට දිවෙන මේ සලරුව සිනමාශාලා තුළ තිරගත වුනේ ඉකුත් වසරේ ඒ කියන්නෙ 2024 නොවැම්බර් 14 වෙනිදා සිට. Devils Stay චිත්‍රපටය Mystery, Horror, Drama, Supernatural කියන වර්ගීකරණයන්ට අයත් වෙන අතර මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Hyun Moon-Sub විසින්.

සෝ-මී කියන්නෙ හදවත් රෝගී දරුවෙක්. ඉතින් මෙයාගෙ තාත්තය ඕනෙ කොහොමහරි මෙයාව ජීවත් කරවන්න. ඉතින් චා මහාචාර්යතුමා එයාගෙ දුවට තියෙන ආදරේ හින්දා පණ තියෙන කෙනෙක්ගෙ හදවතක් දුවගෙ සැත්කම කරන්න අරගන්නවා. එතකොට හේ-ශින් කියන පූජකයා කොහොමද මෙයාලා දෙන්නා අතර සම්බන්ධයට මැදිහත් වෙන්නෙ කියලා බලන්න වෙන්නෙ ෆිල්ම් එක බලලම තමා.

කාගෙද මේ හදවත?

කොහෙ කෙනෙක්ගෙද?

සැත්කම නිසා සෝ-මීගෙ ජීවිතේට හානියක් වෙයිද?

සෝ-මීගෙ ඇඟ ඇතුළෙ යක්ෂයෙක් ඉන්නවද?

එහෙනම් කට්ටිය ෆිල්ම් එක බලලම ඉමුකෝ.

මම උචිනි පෙරේරා

Comments