EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dhamaka (2022) | ” චරිත දෙකක් ”

චිත්‍රපටයේ නම තමයි Dhamaka (පිපුරුම) Netflix හරහා තමයි අපිට මේ විදියට ඔර්ජිනල් පිටපත් නිකුත් උනේ.

2022 දෙසැම්බර් 23 තමයි මේ චිත්‍රපටය නිකුත් උනේ.ඉතින් චිත්‍රපටය නම් හොද රේටින් රිවිව්ස් එක්ක අති සාර්ථකව තිරගත වුනා.ඉන්දියානු රුපියල් කෝටි 40ක වියදමකින් නිමවුනු චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 100 ඉක්මවූ ආදායමක් උපයන්න සමත් වුනා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Trinadha Rao Nakkina විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන නලුවා වෙන්නේ මාස් මහරාජා විදියට තෙලිඟු සිනමාවේ හඳුන්වන රවී තේජා.ඉතින් රවී තේජා 2021 වසරේ KRACK චිත්‍රපටයෙන් ලැබූ සාර්ථකත්වයට පස්සෙ ගිය වසරේ නිකුත් උනු ෆිල්ම් දෙකක්ම අසාර්ථක උනා.ඊට පස්සෙ මේ ෆිල්ම් එක තමා එයාට ආයෙම සාර්ථකත්වයක් අරගෙන ආවෙ.මේ චිත්‍රපටටයේ ප්‍රධාන නිලිය වෙන්නෙ කන්නඩ සිනමාවෙන් තෙලිඟු සිනමාවට ප්‍රවිශ්ඨ වුනු හුරුබුහුටි Shree Leela තමයි.ඊට අමතරව නිතර අපි තෙලිඟු සිනමාවේ දකින නලු නිලියො රැසක් මෙහි රංගනයෙන් එක් වෙනවා.

කතාව පොඩ්ඩක් මතක් කලොත් සාමි කියන්නෙ කූකට් පල්ලි වල මිඩ්ල් ක්ලාස් පවුලක ඉන්න කොල්ලෙක්.මෙයා වලියට බර නිසා රස්සාව කරන තැනිනුත් අයින් කරනව.ඔහොම ඉන්න අතරේ තමා මෙයාට මෙයාගෙ නංගිගෙ යාලුවා ප්‍රාණවී හම්බෙන්නෙ.මේ කතාවෙ එක පැත්තක් විතරයි ..තව පැත්තකින් පීපල් මාට් කියන කම්පැනියෙ CEO හදිසි අනාවරනයක් කරනව එයාගෙ රෝගාබාධයක් ගැන.ඉතින් මෙයාගෙ පුතා තමා ආනන්ද්.හැමදේම ගානට හැඩල් කරන ව්‍යාපාරිකයෙක්.නමුත් මෙයාලගෙ කම්පැනිය ඩැහැගන්න බලාගෙන තව කෙනෙක් ඉන්නවා..
ඒ කව්ද? මේ කතා දෙක සම්බන්ධ වෙන්නෙ කොහොමද ? මේ හැමදේම දැනගන්න ෆිල්ම් එක නරඹන්න කියල ආරාධනා කරනවා.

Comments

January 24, 2023

Download කරන්න බෑනේ.

    Cinesubz January 25, 2023

    ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
    නැවත උත්සහ කරන්න.✅