EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dhoom: 3 (2013) | පළිගැනීමේ කලාව…

මේ චිත්‍රපටය විජය ක්‍රිෂ්ණා ආචාර්යා විසින් අධ්‍යක්‍ෂණය කරන ලද අතර රංගන දායකත්වය අමීර් කාන්, අභිෂේක් බච්චන්, උදය චොප්රා, කට්‍රිනා කායිෆ් සහ ජැකී ශේරෝෆ් වගේ සුපිරි නළු නිළියන්ගෙන් හැඩ වෙලා තියෙනවා. ඒ වගේම සුපිරි ගණයේ ක්‍රියාදාම වලින් මේ චිත්‍රපටය සමන්විත වෙලා තියෙනවා. Imdb අගය නම් තරමක පහල අගයක් ලැබිලා තියෙන්නේ ඒ 6.4ක්.

එහෙනම් මම පොඩ්ඩක් කතාව ගලා යන හැටි කියන්නම්. ඉක්බාල් කාන් කියන්නේ සර්කස් කණ්ඩායමක් හිමි අයෙක්. ඔහු තමන්ගේ සර්කස් ඒක කරගෙන යන ගොඩනැගිල්ල බැංකුවකට උකස් කරලා තමයි මේ ජීවිකාව කරගෙන යන්නේ. කෙසේ හෝ ණය ගෙවා ගැනීමට අපහසු වන ඉක්බාල් කාන් හට වෙන්නේ තමන්ගේ සර්කස් පෙන්වන ගොඩනැගිල්ල බැංකුවට සින්න වෙන්න ඉඩ අරින්න. ඒ ඔහු බැංකුවට තමන් දියුණු වීමට හැකි අයෙක් බවත් මේ ණය සර්කස් එක හරහා පියවීමට හැකි බවත් බැංකු හිමියන්ට ඔප්පු කිරීමට ගන්නා අවසාන අවස්ථාවේදී.  මේ සර්කස් එකේ තවත් සාමාජිකයෙක් තමයි සහීර් කාන් ඔහු ඉක්බාල් කාන් ගේ පුත්‍රයා. එහෙත් බැංකු නිලධාරීන් තීරණය කරනවා මේ අවස්ථාව ඉක්බාල් කාන් හට ලබා නොදෙන්න. එහිදී කණගාටුවට පත්වෙන ඉක්බාල් කාන් ජීවිතයෙන් වන්දි ගෙවනවා.

ඔන්න ආරම්භය මේ ගැන ඔහුගේ පුත්‍රයා වන සාහිර් ගන්න පියවර මොකද්ද? කවුද සාහිර්? තෙවන වේගවත් සොරකමේ අවසානය කොහොම වෙයිද? ඒ සියල්ල ඔබට බාරයි.

Comments