EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDie Alone (2024) | වෛරසය පැරදවූ ආදරයක්
සැබෑ ආදරය, උත්තරීතර ප්‍රේමය ගැන කතාන්දර ඔයාල කොච්චරවත් අහලා ඇති. නාට්‍ය වල, චිත්‍රපටවල දැකල ඇති. පොත්වල කියවලත් ඇති. නමුත් සැබෑ ලෝකයේ දුර්ලභ, ඒ උතුම් ආදරය ගැන නව මානයකින් ඉදිරිපත් කල අනුවේදනීය කතාවක් රැගත් සොම්බි ආකාරයේ කැනේඩියානු චිත්‍රපටයක් පසුගිය 2024 ඔක්තෝබර් 18 දින ඩිජිටල් මාධ්‍යයෙන් සහ සැප්තැම්බර් 27 දින කැනඩාවේදී සිනමාශාලාවලදී නිකුත්වුනා. ඒ තමයි ටොමැටෝ මීටරය 75% දක්වා කරකවන්නට සමත්වූ Die Alone. භාෂාව ඉංග්‍රීසි. විනාඩි 91 ක ධාවන කාලයකින් යුතු මෙය Zombie Horror, Drama, Mystery & Thriller වර්ගයේ චිත්‍රපටයක්. කතාව සහ අධ්‍යක්ෂනය Lowell Dean ගෙන්. ප්‍රධානම භූමිකාව වන ‘මේ’ගේ චරිතයට පණ පොවන්නෙ Matrix සිනමා ත්‍රිත්වයෙන් ඔබ හමුවට ආ Carrie-Anne Moss. ඊට අමතරව රංගනයෙන් එකතුවෙනවා Douglas Smith (ඊතන්), Frank Grillo (කායි) සහ Kimberly-Sue Murray (එමා).
වයිරසයක් නිසා මිනිසුන් වඳවී යාමේ තර්ජනයකට ලක්වී ඇති කාලයක්. ආසාදනය වූවන් මරණෙන් නැගිටිනවා. ඔවුන්ගේ ඇඟේ අතු ඇවිත් ඔවුන් ඇවිදින ශාක බවට පත්වෙනවා. හරියට සොම්බිලා වගේ මිනී මස්මයි හොයන්නෙ. අපේ කතා නායකයා වන ඊතන් එක පාරටම නින්දෙන් නැගිටිනවා වාහනයක් ඇතුලෙදි. ඔහු සමඟ සිටි ඔහුගේ පෙම්වතිය වන එමාට උනු දෙයක් නෑ. තමා ඉන්නෙ කොහෙද කියල අදහසක්වත්, වුනේ මොකක්ද කියල මතකයක්වත් නෑ ඔහුට නෑ. ඔහු අමතකවීමේ රෝගය තියෙනවා. ඔහුව දකින දෙන්නෙක් ඔහුව මරන්න හදනකොට එක්තරා මැදිවියේ කාන්තාවක් ඔහුව බේරාගන්නවා. ඇය වසංගත තත්ත්වයට බුද්ධිමත්ව සහ සැලසුම් සහගතව මූණ දෙන කෙනෙක්. එමාව හොයාගන්න ඊතන්ට උදව් කරන්න මේ කාන්තාව එකඟවෙනවා. මොකද එයාල වෙන්වුනොත් කැන්ඩ්ල් ලේක්හී එයාලගෙ කැබින් එකකදී හමුවෙන්න ඔවුන් කතා වෙලා තියෙන නිසා. මේ අමනුෂ්‍යයින්ගෙන් බේරිලා එතන්ට යන්න ඊතන්ට හැකි වෙයිද? ගියත් එමා…..? ඉතිරි ටික චිත්‍රපටයෙන් බලමු නේද?
සිපගැනීම් හැරුණම ලොකු 18+ සීන් නම් නෑ.
Share
Links
Comments












