CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
0 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Dil Se.. (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dil Se.. (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 22, 1998India163 Min.
Your rating: 0
5 1 vote
Dil Se.. (1998) | හදවතින්ම!

 

මේ චිත්‍රපටය ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. 1998 අගෝස්තු 21 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය මනි රත්නම්ගේ අධ්‍යක්ෂණයක්. සංගීත අධ්‍යක්ෂණය ඒ.ආර්.රෙහ්මාන්. අතිශය ජනප්‍රසාධය දිනාගත් “Chayya Chayya”“Jiya Jale”“Dil Se Re” වැනි ගීත රැසක්ම මෙහි අඩංගු වෙනවා. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ ශාරුක් ඛාන් (අමර් කාන්ත් වර්මා ලෙස) සහ මනීශා කොයිරාල (මේග්නා ලෙස). තම දිවියේ ප්‍රථම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙමින් සහය නිළියගේ චරිතයට දායකත්වය දක්වන්නේ සුරූපී නිළි ප්‍රීති සින්තා (ප්‍රීති ලෙස).

අතිශය ජනප්‍රසාදය දිනාගත් මෙම චිත්‍රපටය සම්මාණ රැසක්ම දිනාගත්තා.

1999 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී,

  • හොඳම සංගීත අධ්‍යක්ෂණය – A.R.Rahman
  • හොඳම ගී පද රචනය – Gulzar for “Chaiyya Chaiyya”
  • හොඳම පසුබිම් ගායනය – Sukhwinder Singh for “Chaiyya Chaiyya”
  • හොඳම නවක නිළිය – Preity Zinta
  • හොඳම නර්තන වින්‍යාසය – Farah Khan for “Chaiyya Chaiyya”
  • හොඳම කැමරා අධ්‍යක්ෂණය – Santosh Sivan

යන සම්මාන දිනා ගත්තා. ඒ වගේම හොඳම නිළිය ලෙස මනීශා කොයිරාලත්, හොඳම සහය නිළිය ලෙස ප්‍රීති සින්තාත් නාම යොජනා දිනා ගත්තා.

වටපිටාවෙන්…

මේ චිත්‍රපටය තමයි මනි රත්නම් අධ්‍යක්ෂණයෙන් දායක වුනු පළමු හින්දි චිත්‍රපටය. ආදායම් අතින් ඉන්දියාවේ ටිකක් අසාර්ථක වුනත් එක්සත් රාජධානියේ බොක්ස් ඔෆිස් වාර්තා වල මුල්ම 10 අතරට පැමිණි පළමු ඉන්දියානු චිත්‍රපටය වන්නේද මේ චිත්‍රපටය යි. චිත්‍රපටයේ එන සමහර නිදහස් සැමරුම් දර්ශන අරගෙන තිබෙන්නේ ඇත්තම 50 වන නිදහස් සැමරුම් දර්ශන වලින් වීමත් විශේෂත්වයක්. මේ චිත්‍රපටයේ “Chal Chaiyya Chaiyya” ගීතයේ දැක්වෙන දුම්රිය උඩ කරන නර්ථනය සඳහා ශාරුක් කිසිදු ආධාරකයක් භාවිතා නොකළ බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම දැනටත් IMdb දර්ශකයේ 7.8 ක් වැනි ඉහළ අගයක රැදී සිටින්නට සමත්කමක් දක්වා තිබෙනවා.

දැන් කතාව ගැන බලමු. අමර් කාන්ත් වර්මා කියන්නේ “ඕල් ඉන්දියා රේඩියෝ” එකේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට සිද්ධ වෙනවා දිල්ලි වල ඉඳන් අසාම් වලට ගිහින් නිදහසෙන් පසු ගෙවුනු වසර පනහේ ඉන්දියාවේ සංවර්ධනය පිළිබඳ මහජන අදහස් ලබාගන්න. ඇත්තටම ඒ ප්‍රදේශය ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් බොහොමයක් තිබෙන ප්‍රදේශයක්. ඉතින් මේ යන ගමන ආරම්භයේදී ස්ටේශන් එකේදී මහා වැස්සක් ඇදහැලෙන වෙලාවේ සීතලේ ගුලිවෙලා ඉන්න මේග්නාව මෙයාට මුණගැහෙනවා. කිසිම කතා බහක් නැතිව හිටිය මේග්නාට මෙයා වශී වෙනවා. මේග්නාව කතාවට අල්ලගන්න විවිධ උප්පරවැට්ටි යෙදුවත් එයා නිහඬයි. අන්තිමේදි මෙහෙම කියනවා. ” උණුවෙන් තේ එකක් ” . කොල්ලෙක්ට ඉතින් ඕක මදෑ. අමර් තේ එකක් අරන් එන්න ගිය අතරේ ආපු කෝච්චියේ නැගලා මේග්නා යන්න යනවා. අමර් දුවගෙන ආවත් කරන්න දෙයක් නෑ. මේ නාඳුනන්නිය කෝච්චියත් එක්කම යන්න යනවා. අමර් කියන විදිහට මේක තමයි “ලෝකේ කෙටිම ආදර කතාව”.

මම ඔය විස්තර කරේ චිත්‍රපටයේ මුල් මිනිත්තු කිහිපය විතරයි. තවත් දැනගත්තොත් චිත්‍රපටය රස වින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. ඉතින් අමර් කියන විදිහට මේක ලෝකේ කෙටිම ආදර කතාව වෙයිද? මේග්නා කියන්නේ කවුද? ප්‍රීති මේ කතාවට එකතු වෙන්නේ කොහොමද? අමර් හොයන්න ගිය විදිහට නිදහසෙන් පස්සේ ඉන්දියාවේ සංවර්ධනය කොහොමද? නිදහස් වුනාට ත්‍රස්ථවාදීන්ගෙන් රට නිදහස් වෙලාද? මේවට උත්තර හොයාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශසිත් සඳරුවන් (සඳේ) (Baiscopelk)
IMDb 7.5 /10 33,000 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Mani Ratnam
Director

Cast

Shah Rukh Khan isAmarkanth Varma
Amarkanth Varma
Preity Zinta isPreeti Nair
Preeti Nair
Mita Vashisht isTerrorist
Terrorist
Arundathi Nag isKanval Dev Burman
Kanval Dev Burman
Zohra Sehgal isAmar's Grandmother
Amar's Grandmother
Janagaraj isTaxi Driver
Taxi Driver
Gautam Bora isterrorist Leader
terrorist Leader

Similar titles

Blue Star (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flavors of Youth (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vedaa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aaradugula Bullet (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Iratta (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dil Dosti Aur Dogs (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tashan (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Juror #2 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
GodFather (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhorii (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Veer-Zaara (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
1920: Horrors of the Heart (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published