EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dohchay (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:C H Vijay, Praveen Varma, Sudheer Varma
Cast
Go Full Cast PageDohchay (2015) | චන්දු
“මගේ නම චන්දු.මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියමවෙලා ඉන්නේ.ඒකට හේතුව මං පස්සේ කියන්නම්.මේ නිසා පොඩි කාලේදී මට හරිහමන් අධ්‍යාපනයක් ලැබෙන්නෙ නෑ.ඒත් මගේ නංගී ඉගෙනගන්න ගන්න කැමතියි.ඒ නිසා මගෙත් තාත්තගෙත් එකම අධිෂ්ඨානය වුනේ නංගිගේ බලාපොරොත්තුව වන දොස්තර කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරන්න.ඒත් තාත්තා හිරේ නිසා පොඩි කාලේ ඉඳන්ම ඒ වගකීම කරට අරගෙන නංගිගේ හැම අධ්‍යාපන කටයුත්තකටම වියදම් කරමින් එයාගේ බර කරට ගත්තේ මං.ඇත්තටම ඒක මට කරදරයක් කියලා මං කොයි වෙලාවකවත් හිතුවේ නෑ.ඉතින් ඔයාලා කල්පනා කරනවා ඇති හරිහමන් අධ්‍යාපනයක් වත් නැති මූ සල්ලි ගස් වලින් කඩලා නංගිට උගන්වනවාද කියලා.ගස් වලින් කඩන්න, සල්ලි ගස් නෑනේ.ඒ නිසා මං සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හොයාගත්තා.ඒ තමයි වංචාව.පොඩි කාලේ ඉඳන්ම එක එක විදියේ වංචනික ක්‍රම පුරුදු පුහුණු වුණ නිසා මං දැන් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් කිව්වොත් හරි.මිනිස්සුන්ව රවට්ටන්න මං පාවිච්චි කරන්නෙ එකිනෙකට වෙනස් ක්‍රම.මගේ හැකියාවන් කොච්චර දියුණුයිද කියලා ඔයාලටම බලාගන්න පුළුවන්.මගේ වංචාවලට අහුවෙන මිනිහා දුප්පත් මිනිහෙක්ද, පෝසත් මිනිහෙක්ද, මැරයෙක්ද, තේ විකුණන මිනිහද කියලා මට අදාල නෑ 😀 .කොහොමහරි නංගිගේ කොලේජ් එකේදී මට මීරා කියලා ලස්සන ගෑනු ළමයෙකුත් හම්බෙනවා.මං ඉතින් මෙයාගේ පස්සෙනුත් යනවා වැඩේ කොහොමහරි ගොඩදාගන්න කියලා හිතාගෙන.මේ විදියට සරළව ගලාගෙන ගිය මගේ ජීවිතේට දවසක් එක කෝල් එකක් එනවා.ඒ කෝල් එක නිසා මගේ මුළු ජීවිතේම ගමන් මාර්ගය වෙන පැත්තකට හැරුණා කිව්වොත් ඒ බොරුවක් නෙමෙයි.කෝල් එක ආවේ හිරේ ඉන්න තාත්තට සනීප නැතුව ඉස්පිරිතාලෙට ඇතුලත් කළා කියලා.ඩොක්ටර්ස්ලා කියනවා ඉක්මනටම ඔපරේෂන් එකක් කරන්න ඕනේ, ඒත් එයා හිරේ ඉන්න කෙනෙක් නිසා ඒකට නීතියෙන් අවසර ගන්න ඕනේ කියලා.කොහොමින් කොහොමහරි ඇමති කෙනෙක්ගේ මාර්ගයෙන් ඉක්මනටම අවසරය ඉක්මනටම ගන්න පුළුවන් වෙනවා.ඒත් ඒ ඇමතිට ලක්ෂ ගානක කප්පමක් ගෙවන්න වෙනවා.ඒ සල්ලි හොයාගන්න මට මොන විදියේ දහං ගැටයක් ගහන්න වුනාද? මගේන් අල්ලස් ඉල්ල ඉල්ල මගේ පස්සෙන් එන පොලිස් කාරයා කවුද? කවුරුත් නැති කාමරෙකින් මගේ අතට ලැබුණු කෝටි දෙක හමාර කාටද අයිති? ඒ සල්ලි පාවිච්චි කරලා ඇමතිගේ මාර්ගයෙන් මට තාත්තව හිරෙන් නිදහස් කරගන්න පුළුවන් වේවිද? මුළු නගරයම හොල්ලගෙන ඉන්න මානික්‍යම් කියන්නේ කවුද? මගේ තාත්තා ජීවිතාන්තය දක්වා හිරේට නියම වුනේ මොකද? මේ හැම ප්‍රශ්නෙකටම මේ චිත්‍රපටය තුලින් පිළිතුරු දෙන්න මං ලෑස්තියි.”

