EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDominique (2024) | ඉහට කඩන් වැටුනු යුද්ධය | 18+
සීමිත තිරගත කිරීමක් තුලින් සහ VOD ඩිජිටල් මාධ්‍යයෙන් පසුගිය 2024 ඔක්තෝබර් 11 දින නිකුත්වුනු, මුල සිට අග දක්වාම සුපිරි ක්‍රියාදාමයන් ටිකක් බලාගන්න පුලුවන්, ඇමරිකන් / කොලොම්බියා නිර්මාණයකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. Action, Thriller, Drama වර්ගයේ චිත්‍රපටයක් වන Dominique. විනාඩි 100 ක් පුරා දිග හැරෙන මේ ක්‍රියාන්විතය තුල ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකම හරි හරියට ඇතුලත් වෙනවා. මෙහි ප්‍රධාන චරිතය වන ඩොමිනික්ගේ චරිතයට පණපොවන සම්මානනීය ඇමරිකන් නිලි Oksana Orlan රඟපෑමෙන් පමණක් නැවතුනු කෙනෙක් නෙමේ. ඇය මොඩ්ල් කෙනෙක්. චිත්‍රපට නිෂ්පාදිකාවක් සහ තිර රචිකාවක්. මේ චිත්‍රපටයේ තිර රචනයත් ඇය Michael S. Ojeda සමග සමසේ බෙදාගෙන තියෙනවා. ඇයට අමතරව රංගනයයෙන් එකතු එනවා Maurice Compte (සන්තියාගෝ), Maria del Rosario (පවුලිනා), Sebastián Carvajal (ජුලියෝ) සහ Alanna De La Rossa (ඒබ්‍රිල්).
ඩොමිනික් කියන්නෙ ඉහළ පුහුණුවක් ලද කාන්තා කුලී ඝාතකයෙක්. ඇය තමාගෙ අතීත වැරදි වලින් ඈත්වෙලා සාමකාමී ජීවිතයක් හොයාගෙන යුක්‍රේනයේ ඉඳලා දකුණු ඇමරිකාවට එනවා. ඇගේ කුඩා ගුවන් යානය කොලොම්බියා කාටලයක් විසින් වෙඩි තබා බිම දානවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇය ලූකස් කියන කුඩා කොලොම්බියානු නගරයට. ඒක ජාවාරම් කරුවන් රජකරන නගරයක්. කාටෙල් එකේ ඝාතන කණ්ඩායම විදිහට වැඩ කරන්නෙත් පොලීසිය. ඒ තරම් දූෂිතයි. එහිදී ඩොමිනික්ට හිතවත්කමක් දක්වපු එකම පුද්ගලයා වන ජුලියෝව පොලීසිය විසින් අමානුෂික විදිහට මරල දානවා. ඔවුන් ඉන්පසු එන්නෙ ජුලියෝගෙ පවුල හොයාගෙන. නමුත් ඒ ගෙදර අහම්බෙන් සිටි මේ විදේශීය කාන්තාව හෙවත් “ග්‍රින්ගා” නිසා ඔවුන්ගේ සියලු සැලසුම් වෙනස් වෙනවා. ඒ අතිශය බලසම්පන්න මිනීමරු සංවිධානය සහ අර අහිංසක පවුල අතර හිටගන්නා මේ ‘ග්‍රින්ගා’ට ඒ පවුල බේරගන්න පුලුවන් වෙයිද?
විශේෂයෙන්ම කියන්න ඕනෙ මුල හරියෙ පොඩි 18+ කෑල්ලක් තියෙනවා. අසභ්‍ය වචන ටිකක් ඇරුනම ඊට පස්සෙ වෙන මොකුත් නම් නෑ. ඇක්ෂන් විතරයි.
Share
Links
Comments
October 22, 2024



