EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageDongalunnaru Jaagratha (2022) | “වැරදුනු සොරකම”
Thriller film වලට කැමති අය අනිවාර්යයෙන් බලන්න..ඉවර වෙනකල් එක හුස්මට බලන්න පුළුවන් ෆිල්ම් එකක්..
එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
රාජු කියන්නේ නවත්තලා තියෙන කාර් ඇතුලට රිංගලා ඒවගේ තියෙන පර්ස් ෆෝන් ලැප්ටොප් වගේ දේවල් හොරකම් කරන හොරෙක්..දවසක් මෙයා කාර් එකකට නැගලා හොරකම් කරන්න හදනවා..ඒත් ඒකේ ගන්න කිසි දෙයක් නැති හින්දා මිනිහා එළියට එන්න බලනකොට කාර් එකේ දොරවල් ලොක් වෙලා..ඒ වගේම කාර් එකේ ඇතුළේ තියෙන දේවල් එළියට පේන්නේ නෑ කලු වීදුරු හින්දා..
ඉතින් මෙයා මෙහෙම හිරවෙලා ඉන්නකොට කාර් එකේ ෆෝන් සිස්ටම් එකට කෝල් එකක් එනවා..එතනින් එහාට තමයි හොදම ටික පටන් ගන්නේ..ඇත්තටම මේ කතා කරන කෙනා කව්ද ? රාජුව මෙයා හිතාමතාමද කාර් එකේ කොටු කරලා තියෙන්නේ ? එහෙනම් ඇයි එයා එහෙම කරේ ? රාජුට මෙතනින් බේරිලා පැනලා එන්න පුලුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා..



