EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Don’t Breathe (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aria Harrison, Fede Alvarez, Helga Rossi
Cast
Go Full Cast PageDon’t Breathe (2016) | ගෙවල් බිදින්න යද්දි නිවැසියා ගැන සුළුවෙන් තකන්න එපා.
මේ කථාව Thriller නොහොත් මගෙ ආසම කථා ප්‍රභේදයට අයත් එකක්. ඇත්තටම මේ කථාවේ චරිත කිහිපයක් තියෙන්නේ. මේකෙ ප්‍රධාන චරිතය රොක්සෑන් කියන තරුණිය. ඇයට තමන්ගේ සගයින් කියන්නේ රොකී කියල. ඇයගෙ සගයින්ගෙ කෙනෙක් ඇගේ පෙම්වතා මනී. ඒවගේම අනික් කෙනා ඇලෙක්ස්. මෙයා ඒක පාර්ශවික ආදරයක් කරන කෙනෙක්. අපේ අය දන්නව ඇති නෙ ඒ ගැන :D. කොහොමහරි කොල්ලො දෙන්නම කෙල්ලට ලව්. ඉතිං ඒගැන නෙවේ කථාව තියෙන්නෙ. ලව් සීන් නම් නෑ දුක තමා 🙁 . මෙයාලගෙ හොරකමිකින් තමා කථාව පටං ගන්නේ. මේ රොක්සෑන් කියන තරුණියට ගෙදරින් පීඩාවන් ගොඩයි. එයාගෙ තාත්ත නැතිවෙලා. අම්ම තව පිරිමියෙක් එක්ක ජීවත් වෙනවා ඒ ගෙදරම. නංගීයි මෙයයි හරි අම්රුවෙන් ඉන්නෙ මේ ගෙදර. ඉතිං මෙයාට ඕන තමං ඉන්න මිෂිගන් අතෑරලා කැළිෆෝනියාවට යන්න. ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න. අනික් දෙන්නත් යන්න ලැහැස්ති පිටයි ඉන්නෙ. ගෙදර පීඩා නිසාමයි මෙයා හොරකමේ යන්නෙත්. ඇත්තටම මෙයාල ගෙවල් බින්දට සල්ලි හොරකම් කරන්නෙ නෑ. බඩු භාණ්ඩ හොරකම් කරලා විකුණනවා. ඒත් එව ගන්නෙ කුණු කොල්ලෙට. ඉතිං මේ නිසා රිස්ක් එකක් අරං පුංචි මුදලක් ගන්නවට වඩා මෙයාල හිතනව සල්ලි ගොඩක් හොයාගන්න.
ඒ නිසා ඔවුන්ට දැනගන්න ලැබෙනවා වයසට ගිය විශ්‍රාමික හමුදා සෙබලෙක්ගේ නිවසක් ගැන. එයා ජීවත් වෙන පැත්තෙ මිනිස්සුත් නෑ. ඒවගේම පොර අන්ධයි කියලත් දැනගන්නවා. ආ මට කියන්න අමතක උණා ඇලෙක්ස් ගෙ තාත්තට තමංගෙම කියල ආරකෂක පද්ධති විකුණන ආයතනයක් තියෙනවා. ඒ නිසා ඒ ආරකෂක පද්ධති මිලට ගන්න අය යතුරුවල කොපි එහෙම මේ ඇලෙක්ස්ගෙ ගෙදර තියල තියෙන්නේ. ඉතිං හොරකම් කරන එක අහන්නත් දෙයක්ද :D. ඒත් මතක තියාගන්න ඇලෙක්ස් ගෙ තාත්ත මේ කිසිම දෙයක් දන්නෙ නෑ. පුතා තාත්තට හොරෙන් රොකීයි මනීයි එක්ක හොරකම් කරන්නේ. ආයෙ එමුකො කථාවට. ඉතිං කට්ට කාල කොහොමහරි ගෙට පනිනවා. ලේසි කට්ටකුත් නෙවේ කන්නෙ හැබැයි. හා හා පුරා කියල දෙවියන් බුදුන් වැදල නිදන කාමරේ ඇතුලෙ ඉන්න මිනිහට නින්ද යන්න ගෑස් බෝම්බයක් සෙට් කරල තමා වැඩේ පටං ගන්න හදන්නෙ. ඒත් කරුමෙට පොර එසේ මෙසේ එකෙක් නං නෙවේ. හමුදාවෙ අය ගැන අවබෝධයක් ඇති නෙ හැමෝටම 😉 . අනික තමා මේ ගෙවල් බිදින වැඩේදි මේ ගොල්ල තව අභිරහසක් වගේ දේයක් හොයාගන්නවා. ඒක ටිකක්.. අනේ මන්ද.. බලන්නකො මොකද්ද කියලා..











