EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Dracula 3D (2012) | පිසාච මන්දිරයේ පුස්තකාලාධිපති… (18+)

අද මම ගේන්නේ ටිකක් විශේෂ ෆිල්ම් එකක්,ඩ්‍රැකියුලා කියන නම ඉතින් දන්නැති කෙනෙක් නෑනෙ මම හිතන්නේ ලංකාවෙත් ඕනම කෙනෙක් මේ නම දන්නවා.මේ කතා මුලින්ම ජනප්‍රිය වුනේ පොත් හරහා පසු කාලීනව ඩ්‍රැකියුලා පාදක කරගෙන චිත්‍රපටි,ටීවී කතන්දර මාලා විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා.මේක 2012 නිර්මාණය කරපු ඩ්‍රැකියුලා ෆිල්ම් එක. මීට කලින් 2013දී ඩ්‍රැකියුලා (1992) ෆිල්ම් එක ධනුෂ ලක්ෂාන් සහෝදරයා උපසිරසි ගන්වලා තියෙනවා ඉතින් මට හිතුනා මේකට සබ් නිර්මාණය කරන්න.ඒ ෆිල්ම් එක බලපු ඕනෑම කෙනෙක්ට මේකත් බලන්න පුලුවන් මොකද කියනවනම් මේ කතාව 1992 ඩ්‍රැකියුලා ෆිල්ම් එකට වඩා හාත්පසින්ම වෙනස්.බොහෝ විට හැම ෆිල්ම් එකේම භාවිතා වෙන්නෙ ඩ්‍රැකියුලා මුල් නිර්මානය වුනු පොතේ තියෙන නම් ටිකම තමා.එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.

ජොනතන් කියන තරුණයා ඩ්‍රැකියුලාගේ මන්දිරයේ පුස්ථකාලාධිපති විදියට වැඩට එනවා එයා මෙහාට එන්නෙ ඩ්‍රැකියුලා සිටුතුමා ගැන කිසිම පැහැදිලි විස්තරයක් නොදැන,මේ රස්සාව හොයල දෙන්නෙ ජොනතන්ගෙ බිරිඳගෙ යාලුවෙක්.ඉතින් ජොනතන් මන්දිරයේ වැඩට ගියාම තමයි එයාට අමුත්තකක් දැනෙන්නෙ මොකද මන්දිරයෙ ඉන්නවා ඩ්‍රැකියුලාගේ ලේලි කෙනෙක් කියන සුරූපී කාන්තාවකුත්..කොහොමහරි දවස් දෙක තුනකින් ජොනතන්ගේ බිරිඳත් එනවා එයාගේ යාලුවගෙ ගෙදරට ඒත් මෙයාට ජොනතන් ගැන විස්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් ජොනතන්ගෙන් පණිවිඩයක් නොලැබුනාම මීනා මොකද කරන්නෙ..අන්තිමට ඩ්‍රැකියුලා සිටුවරයට මොකද වෙන්නෙ කියල බලාගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.පොත් වල විදියටම මේ ෆිල්ම් එකෙත් ජොනතන්ගේ බිරිඳ විදියට මීනා,එයාගේ යාලුවා විදියට ලුසී තමයි ඉන්නෙ,තව ඩොක්ටර් වෑන් හෙල්සිම් පියතුමා ඔක්කොම චරිත ඒ විදියටම ඉන්නවා.

තවත් විශේෂම දෙයක් කියන්න ඕන මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු ෆිල්ම් එකක්,වඩාත්ම කිව්වට පොඩි හිටියන් නොබලම ඉන්න එක තමා හොඳ වැඩිහිටියන්ට පමනක්ම සුදුසු දර්ශන කිහිපයක්ම මේකෙ ඇතුලත් වෙනවා.අනිත් එක දරුණු ලේ වැගිරීම් දර්ශනත් ඇතුලු වෙනවා,ඒක හින්දා මේක බලන වැඩිහිටියොයි එපා කිව්වත් බලන පොඩි හිටියොයි පරිස්සමෙන් ෆිල්ම් එක බලන්න. 🙂 🙂

Comments