EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

DSP (2022) | “මැර දේශපාලනයට එරෙහිව”

යමු ෆිලුම පැත්තට

මුලින්ම කියන්නම් IMDB බලල නම් ෆිල්ම් බලන්න එපා.. මොකද එහෙම බැලුවොත් ඔයාලට හොද ෆිල්ම් ගොඩක් මගහැරෙයි!

2022 දෙසැම්බර් 02 වැනිදා නිකුත් උන මේ Tamil ෆිල්ම් එක අයත් වෙන්නෙ Action, Comedy කියන Category එකට.. මේකේ ධාවන කාලය තියෙන්නේ මිනිත්තු 137යි..එතකොට මේක අධ්‍යක්ෂණය වගේම කතාව Ponram කියන අධ්‍යක්ෂකවරයාගේ..ප්‍රධාන නළුවා ගැන අමුතුවෙන් විස්තර කියන්න ඕන නෑ හැමෝම දන්න, ආදරේ කරන සුපිරි නළු Vijay Sethupathi.. Vikram 2022 ෆිල්ම් එකේ ප්‍රතිවීර චරිතයෙන් අපිට ඔහුව කලින් පාර මුණගැහුනත්, අපිට මේ ෆිල්ම් එකේ ඔහුව වීරයාගේ චරිතයෙන් බලන්න පුළුවන්.. එතකොට මේකේ උපප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නෙ Anukreethi Vas, Prabhakar, Pugazh වැනි නළු නිලියන් පිරිසක්..මේකේ මරු love ස්ටෝරි එකක් තියෙනවා.. ආතල් ජෝක් ටිකකුත් තියෙනවා.. ගින්දර ෆයිට් ටිකකුත් තියෙනවා Imdb අගය 3.3 ක් වගේ අඩු අගයක් අරන් තිබුනත් හරිම විනෝදයෙන් ආතල් එකේ බලන්න පුළුවන් සුපිරි Action ෆිල්ම් එක මේක

කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්,

අපේ කතාවෙ ප්‍රධාන චරිතේ තමයි වස්කෝ(Vijay Sethupathi) කියන්නේ.. එයා පොලිස් නිලධාරියෙක්.. මෙයා රාජකාරියේ දි වැඩ පෙන්නලා තමන්ගේ ගමට පත්වීමක් අරගන්නවා…මෙයාගේ ගම තමයි ඩින්ඩිකල්… මේ ගමේ ඉන්නව මැරයෙක්, එයා තමයි මුත්තයි රවී.. එයා එක්ක පොඩි ප්‍රශ්නයක් දාගන්නව අපේ වීරයා ඒ කියන්නේ වස්කෝ.. මේ හේතුවට මුත්තයි රවී, වස්කෝව මරන්න හදන නිසා වස්කෝගේ තාත්තා එයාව ගමෙන් පොඩ්ඩක් ඈත් කරලා තියනවා.. ඒත් කාලෙකට පස්සේ වස්කෝ ගමට එන්නෙ සුපිරි DSP කෙනෙක් වෙලා..මේ වෙද්දී රවී නිකම්ම මැරයෙක් නෙවෙයි, මැර ඇමති කෙනෙක්.. මේ දෙන්නගේ ගැටීම තමයි මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නේ.. ඒ වගේම පට්ට ආතල් ජෝක් ටිකක් තියෙනවා හැමෝටම ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා
ඔයාලම බලන්නකෝ එහෙනම් සේදුපතිගේ වැඩ කිඩ…

Comments

January 12, 2023

thank you cinesubz,co…..