EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEagle (2024) | ” සාහසික ඝාතකයා ”
2024 පෙබරවාරි 9 වෙනිදා තමයි මේ Eagle ෆිල්ම් එක තිරගත කිරීම ආරම්භ කලේ. ඉන්දියානු රුපියල් කෝටි 35 ක වියදමක් දරල නිෂ්පාදනය කරපු මේක ඉන්දියන් රුපියල් කෝටි 28 ක බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයුවා.අධ්‍යක්ෂණය කලේ කාර්තික් ගට්ටමනෙයි විසින්. මාස් මහරාජා කියල හඳුන්වන රවී තේජා එක්ක අනූපමා පරමේෂ්වරන්,නව්දීප් මෙහි රංගනයෙන් එක් වෙනව.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කපු රෙද්දක් නිසා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නේ. නලිනි කියන තරුණ මාධ්‍යවේදිනියට දවසක් මේ කපු ගැන රෙදි හදන ෆැක්ට්‍රියක් ගැනත් ඒවා කොහොමද විදේශීය වෙලදපොල දක්වා ගියේ කව්ද මේවට මුල් වෙලා වැඩ කලේ කියන දේ අහන්න ලැබෙනව.ඉතින් මෙයා මේ ගැන පත්තරේ පොඩි ඉඩක චූටි ලිපියක් පල කරනව. හැබැයි ඊට පස්සෙ තමා වැඩේ වෙන්නේ.මෙයාලගේ පත්තරේ මුද්‍රණ කටයුතු පවා නවත්තල ආරක්ෂක අංශ ඇවිත් පැය ගානක් ප්‍රශ්න කරන්න ගන්නවා..ලොකු අව්ල් ජාලාවක් එයා දාපු අර පොඩි ලිපිය නිසා ඇති වෙනවා..
ඒ මොකක්ද නිසා වෙන්න ඇතිද ? මේ හැමදේම පිටිපස්සෙ තියෙන කතාව් මොකක්ද ?
දැනගන්න හැමෝම අරගෙන බලන්න එහෙනම්.


