EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ejen Ali: The Movie 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Muhammad Usamah Zaid, Nazmi Yatim
Cast
Go Full Cast Pageඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන්! අද කියන්න යන්නෙ අපේ රටේ නෙට්ෆ්ලික්ස් එකේ තියෙන සුපිරිම animated spy thriller එකක් ගැන. Spider-Verse, Big Hero 6 වගේ ෆිල්ම් වලට කැමති අයට මේක අන්තිම ගැලපෙන එකක්.
Ejen Ali: The Movie 2 –
අපි හිතන්නෙ animation කියද්දි එය කුඩා ළමයින්ට විතරයි කියලා නේද? හැබැයි මේ මැලේෂියන් ෆිල්ම් එක හරිම වෙනස්. මේක දැනටමත් මැලේෂියාවේ සමහර ප්‍රදේශවල highest-grossing animated film එක වෙලා තියෙනවා. ඒත් එච්චරයි නෙවෙයි – මේක ලෝකෙ කොහෙ හරි release කරත් hit වෙන තරමේ quality එකක් තියෙනවා.
කතාව මෙහෙමයි…
Ali කියන්නෙ teenager කෙනෙක්. හැබැයි සාමාන්‍ය teenager කෙනෙක් නෙවෙයි – එයා secret agent කෙනෙක්! එයා MATA කියන organization එකට වැඩ කරනවා. ඊට අමතරව එයාට SATRIA කියන AI-powered mecha suit එකක් pilot කරන්න තියෙනවා. හිතන්න Iron Man suit එකක් වගේ, හැබැයි AI එකක් එක්ක control වෙන එකක්.
හැබැයි කතාව ලේසි වෙන්නෙ නෑ. Neonimus කියන පට්ට hacker කෙනෙක් එනවා. එයා Ali ව blackmail කරන්න පටන් ගන්නවා – හොඳට කියනවා නම් හැම MATA agent කෙනෙකුගෙම identity එක leak කරනවා කියලා. ඊට අමතරව, එයා Ali ගේ SATRIA suit එකත් hack කරන්න try කරනවා. imagine කරන්න – ඔයාගේ අඟින් තියෙන tech එකම ඔයාට විරුද්ධව යොදාගන්න පුළුවන් වෙනවා නම්!
මේ තත්වෙ අතර Ali ට තීරණ ගන්න වෙනවා. එයාගේ යාළුවන්ව විශ්වාස කරන්නද, නැත්තං තනියම රහසේ වැඩ කරන්නද කියලා. හැම තීරණයක්ම Cyberaya කියන city එක destroy වෙන්න හෝ save වෙන්න හේතු වෙන්න පුළුවන්.
Animation Quality එක අපිට මතක් වෙන්න බෑ
බොස්, මේ visuals බලන්න ඕනේ! Pixar, DreamWorks level quality එක තියෙනවා. Action scenes මාරම smooth. SATRIA suit එකේ design එක නම් හරිම futuristic, හැබැයි Malaysian cultural elements එහෙමත් mix කරලා තියෙන නිසා ඒක unique look එකක් දෙනවා.
Opening rain scene එක විතරක් බලලා තියෙනවා නම් ඔයාට තේරෙයි මේ team එක කොච්චර effort එකක් දාලා තියෙනවද කියලා. හැම frame එකක්ම wallpaper එකක් විදියට save කරන්න පුළුවන් තරම්.
මේ movie එකේ තියෙන්නෙ explosions විතරක් නෙවෙයි. ඇත්තටම කතාව කියන්නෙ AI ethics ගැන, power එකේ responsibility එක ගැන, සහ අපි කාටද trust කරන්නෙ කියන එක ගැන.
2025 වලදි අපිට AI ගැන කියන කතා දවසටම අහන්න වෙනවා නේද? ChatGPT, robots, self-driving cars… මේ ෆිල්ම් එක අහනවා – මේ technology වැරදි අතට ගියොත් මොකද වෙන්නෙ කියලා. Ali ට තමන්ගේ suit එකම විශ්වාස කරන්න බෑ වෙනකොට එයා කොහොමද හිතන්නෙ? මේ වගේ questions අහලා තියෙන නිසා මේක teenagers ට විතරක් නෙවෙයි adults ලටත් relate වෙන්න පුළුවන්.
.
Malaysian legend Dato’ M. Nasir සහ Indonesian band Nidji ගේ ගී තියෙනවා. හැම scene එකක්ම perfect background music එකක් තියෙනවා.
Ejen Ali: The Movie 2 කියන්නෙ Hollywood ෆිල්ම් එකක් copy කරන්න try කරපු එකක් නෙවෙයි. මේක තමන්ගේම style එකක් තියෙන, Southeast Asian animation industry එක කොච්චර ලොකු වෙලා තියෙනවද කියලා පෙන්නන්න පුළුවන් වෙච්ච ෆිල්ම් එකක්.
Superhero suits, spy action, හෝ හරිම emotional කතා වලට කැමති අයට මේක අවුල් නෑ. Hollywood එකේ එකම කතා නැවත නැවත කියන එක බලන්න බෝර වෙලා ඉන්න අයට මේක fresh experience එකක්.
.
Rating: 8.5/10
Malaysian animation එක underestimate කරපු කාලය ඉවරයි. Wake up වෙන්න වෙලාව ආවා!
ඉතින් නැවත හොඳ ෆිල්ම් එකක් ගැන කතා කරන්න හමුවෙනතුරු මෙතනින් නවතිමි. හැමෝටම ජයවේවා!




