EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageEleven (2025) | “නිවුන්නු”
දැන් දැන් ලොකු බජට් චිත්‍රපටවලට වඩා හොදට දුවන්නෙත් හොද ආදායමක් ලබන්නෙත් පොඩි බජට් සාමාන්‍ය අධ්‍යක්ෂ නළු නිළියන් කරන චිත්‍රපටයි. අන්න ඒ ගොඩට වැටෙන චිත්‍රපටය තමයි මේ එලවන් නොහොත් 11 . මේක ක්‍රයිම් ත්‍රිලර් විදියට වර්ගකරල තියෙන්නේ. කතාව ටිකක් වෙනස්වුන සීරියල් කිලර්කෙනෙක්ගේ කතාවක්. මේ චිත්‍රපටය දමිළ තෙලුඟු සම නිෂ්පාදනයක් වේ.
මේකේ අධ්‍යක්ෂක හා කතාව ලෝකේෂ් අජිල්ස් ගෙන්. මෙයාගේ පළවෙනි අධ්‍යක්ෂණය මේක. මෙයා සුන්දර් සී ගේ සහය අධ්‍යක්ෂකවරයා. පළවෙනි එකම ගොඩදාගෙන ❤️❤️💥. කැමරාකරණය කාර්තික් අශෝකන්, සංස්කරණය එන් බි ශ්‍රිකාන්ත් හා සංගීතය ඩී ඉමාන් විසින්.
රංගනයෙන් තෙලුඟු හා දමිළ සිනමා නළු නවින් චන්ද්‍රා හා රියා හරි විසින් ප්‍රධාන චරිත රංගනයේ.
මිනිමැරුම් ජාලයක් ගැන විමර්ශනය කරන රංජිත් අනතුරකට ලක්වීම නිසා එම විමර්ශනය භාරවෙනවා අරව්න්ද්ට…… ඉතින් අරවින්ද්ට මේ නඩුව විසදන්න පුළුවන් වෙයිද ?
මේකේ කතාවනම් පොඩ්ඩක්වත් කියන්න බෑවගේ… කෙනෙක්ට බලාගෙන යනකොට හිතෙන්නේ මේකත් අනෙක් චිත්‍රපට වගේම වෙනසක් නෑ කියල. එහේම නෑ… මේක වෙනස් සීරියල් කිලර් කතාවක්.










