EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Extremely Wicked, Shockingly Evil and Vile (2019) | සාහසික දාම ඝාතක ටෙඩ් බන්ඩිගේ කතාව

 

මේ වතාවේ මං අරගෙන ආවේ තවත් සුපිරිම සිනමාපටයක්. ඒ තමයි සුප්‍රකට දාම ඝාතක ටෙඩ් බන්ඩිගේ චරිතය පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු Extremely Wicked, Shockingly Evil and Vile (2019) කියන චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කළේ ජෝ බර්ලින්ගර් විසින් මයිකල් වර්වී විසින් රචනා කළ තිර පිටපතකට අනුවයි. මේ තිර පිටපත රචනා කළේ ටෙඩ් බන්ඩිගේ කළින් පෙම්වතියක් ව සිටි එළිසබෙත් කෙන්ඩොල් විසින් රචනා කළ ‘The Phantom Prince: My Life with Ted Bundy’ නම් කෘතිය ඇසුරින්. මේ චිත්‍රපටයේ ටෙඩ් බන්ඩි ලෙස රංගනයේ දායක වෙන්නේ ජනප්‍රිය නළු Zac Efron. ඒ වගේම කෙන්ඩාල් ලෙස Lily Collins, බන්ඩිගේ බිරිඳ කැරොල් ඈන් බූන් ලෙස Kaya Scodelario, සහ එඩ්වඩ් කොවාට් ලෙසින් John Malkovich ප්‍රධාන චරිත වලට දායක වෙනවා. මේ චිත්‍රපටයේ නම උපුටා ගෙන ඇත්තේ, ටෙඩ් බන්ඩිගේ මරණ දණ්ඩනය පනවන අවස්ථාවේ විනිසුරු වුණු එඩ්වඩ් කොවාට් විසින් ටෙඩ්ගේ ක්‍රියාවන් හැඳින්වීමට යොදාගත් වාක්‍යයක් වන “Extremely Wicked, Shockingly Evil and Vile – අතිශයින්ම නපුරු, කම්පනීය ලෙස දුෂ්ඨ සහ අධම” යන්නයි. මේ චිත්‍රපටය සන්ඩාන්ස් සිනමා උළලේදී ප්‍රදර්ශනය කෙරුණේ 2019 ජනවාරි 26 වැනිදායි. ඉන්පසුව 2019 මැයි 03 වැනිදා නෙට්ෆ්ලික්ස් මඟින් නිකුත් කෙරුණා. Extremely Wicked, Shockingly Evil and Vile සිනමාපටයට සම්මාන සහ නිර්දේශවීම් කිහිපයක් ලැබුණා, විශේෂයෙන්ම ටෙඩ් බන්ඩි ලෙස Zac Efronගේ රංගනය අගය කිරීමට ලක් කෙරුණා. එමෙන්ම සත්‍ය සිදුවීම් හැකිතාක් නිරවද්‍යව නිරූපණය කිරීමට උත්සහ කිරීම ගැනද මේ සිනමා පටයට පැසසුම් ලැබුණා.

චිත්‍රපටයේ කතාව ගැන කෙටි විස්තරයක් මං සඳහන් කරන්නම්. ටෙඩ් බන්ඩි ලිස් සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කරනවා. ඒ වගේම ඔහු ඇගේ කුඩා දියණිය වන මොලී සමඟත් බැඳීම් ඇති කර ගන්නවා. තනිකඩ මවක් ලෙස ඇය විශ්වාස කරන්නේ ඇය තමන්ගේ සිහින මිනිසා සොයාගෙන ඇති බවයි. එහෙත් හදිසියේම පැහැරගැනීම් චෝදනාවකට සැක මත ඔහු අත්අඩංගුවට ගෙන බහුවිධ මිනීමැරුම්වලට චෝදනාවට ලක් වූ විට ඔවුන්ගේ පරිපූර්ණ ජීවිතය උඩු යටිකුරු වෙනවා. තමාට එරෙහිව නඩු පවරන බවට දැඩි ලෙස බිය වන ඔහු, ඇමරිකාවේ පළමු රූපවාහිනියේ විකාශය වන නඩු විභාගයේදී තමාව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරනවා. ලිස් ඇය කෙරෙහි විශ්වාසයෙන් ඔහුට නඩුවට සහය දෙනවා. ඔහුට මිනීමැරුම් චෝදනා වලින් ගැලවෙන්න හැකි වෙයිද? ලිස්ට සත්‍යය දැනගන්නට ලැබේද? ඉතාම උද්වේගකර ලෙස ගලා යන මේ චිත්‍රපටය නරඹලා රසවිඳින්න එහෙනම්.

Comments

November 27, 2025

❤️