EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Fear (2024) | “තරුණියකගේ මනෝ ආත්ම”

 

2024 වසරේ අගභාගයේ එහෙම නැත්නම් දෙසැම්බර් මාසේ 14 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටයේ නම තමයි Fear. මේකේ අධ්‍යක්ෂණය ගැන කිව්වොත් ටිකක් විශේෂයි. ඒ තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කාන්තාවක් වීම. වෙන කවුරුත් නෙවෙයි Dr. හරිතා ගෝගීනේනි. මේ එයාගේ කුළුදුල් චිත්‍රපටි අධ්‍යක්ෂණය. එයයි සංස්කරණය කලේ සහ කතාවත් ලිව්වේ. නිෂ්පාදනය AR Abhi සහ Vanki Penchalaiah ගෙන්. සංගීතය අනුප් රූබන්ස්ගෙන්.

රංගනයෙන් දන්නා අදුනන මුහුණු කිහිපයක් දකින්න ලැබෙනවා. නිලියක් වුනු වේදිකා කුමාර්, ජයප්‍රකාශ්, සත්‍යජි ශින්දේ, අරවින්ද් ක්‍රිෂ්ණා, සත්‍යා ක්‍රිෂ්ණන් වගේ අය දක්නට ලැබෙනවා. විශේෂයෙන් වේදිකා ද්විත්ව චරිතයකින් දායක වෙනවා මේ චිත්‍රපටයේ.

මේ චිත්‍රපටයට ලබාදීපු IMDB අගය 7.9/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 44%ක් වෙනවා. මේකේ කාලය පැය 1යි විනාඩි 55ක්.

සින්ධු කියන්නේ අහිංසක තරුණියක්. එයාගේ පෙම්වතා වෙන්නේ සම්පත්. මේ දෙන්නම පෙම්වතුන්. මෙයා වෙන තැනකට ගියාට පස්සේ සින්ධුට අමුතුම ආකාරයේ සිද්ධි දාමයකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. එක වෙලාවකට එයාගේ පස්සෙන් කවුරුහරි එනවා. ඒත් ඒ කවුද කියල හොයන්න හෙන වෙහෙසක් ගන්නේ සින්ධු.

ඇත්තටම සින්දුට මොකක්ද වුනේ?

ඇයි එයාට ඔය වගේ දේකට මුහුණ දෙන්න වුනේ?

මේක එයාගේ හිතේ මායාවක්ද.. ? නැත්නම් ඇත්තටම වෙන දෙයක්ද?

මේ ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටය බැලුවම හම්බවෙයි.

Comments