EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Field of Fears – The Haunting of Randolph County Asylum (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Matthew J. Sorge
Country:United States of America
Year:2025
Subtitle By: ප්රබුද්ධ දර්ශන (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageField of Fears – The Haunting of Randolph County Asylum (2025) | “ රැන්ඩොල්ෆ් කවුන්ටි රැකවරණ මධ්‍යස්ථානයේ අත්භූත සිදුවීම් ”
ඔන්න අද අරගෙන ආවේ නිකම්ම ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඇත්තටම සිද්ධ වුනු, බලද්දි ඇඟ හිරිවැටෙන දේවල් පිරුනු වාර්තාමය (Documentary) ආරයේ ත්‍රාසජනක චිත්‍රපටයක්. හොල්මන් චිත්‍රපට (Horror) වලට ආස ඔයාලට නම් මේක කියාපු භාණ්ඩයක්.
මේකේ කතාව ගෙතෙන්නේ ඇමරිකාවේ තියෙන Randolph County Asylum කියන ඇත්තම ස්ථානය වටා. මේක නිකන්ම පිස්සන් කොටුවක් නෙවෙයි, ඉස්සර සමාජයෙන් කොන් කරපු, ආබාධිත සහ අසරණ මිනිස්සුන්ව ගෙනත් දාපු “දුප්පතුන්ගේ නිවාසයක්”. ඉතිහාසය පුරාවට මෙතන 1500 කට ආසන්න පිරිසක් මැරිලා තියෙනවා වගේම ඒ අයව එතනම නම් නොකරපු සොහොන් වල වළදාලත් තියෙනවා. හිතාගන්න පුලුවන්නේ එතන කොච්චර ආත්ම ගැවසෙනවා ඇද්ද කියලා?
මේ ෆිල්ම් එකේ විශේෂත්වය තමයි, පරීක්ෂකවරු කණ්ඩායමක් එකතු වෙලා වර්ග අඩි 58,000 ක විසාල මේ ගොඩනැගිල්ල පුරාම අලුත්ම තාක්ෂණය පාවිච්චි කරලා කරන පරීක්ෂණ ටික. විශේෂයෙන්ම අතීතයේ මෙතන සිද්ධ වුනු දරුණු ගින්නක් ආපහු ප්‍රතිනිර්මාණය කරලා (Fire Experiment) කරන කොටස සහ දරුණු “විනිසුරුවරයෙක්” (The Judge) විසින් පාලනය කරපු උසාවියක් ආපහු මවන හැටි බලද්දි නම් ඇත්තටම බය හිතෙනවා. පහළ මාලයේදි එල්ලිලා මැරුණ අයිඩා (Ida) ගේ කතාව සහ සිවිලිම දිගේ යන අද්භූත සෙවනැලි (The Creeper) කැමරාවේ සටහන් වෙන හැටි දැක්කම නම් ඇඟ සීතල වෙලා යනවා.
ඉතින් බොරු හොල්මන් කතා බලලම එපා වෙලා නම්, Paranormal Investigation වලට ආස ඔයාලට, ඇත්තටම මේ වගේ තැන්වල මොනවද වෙන්නේ කියලා බලාගන්න මේක මරු අවස්ථාවක්. විනාඩියෙන් විනාඩිය කුතුහලය පිරුනු මේ වෙනස්ම ත්‍රාසජනක අත්දැකීමත් රසවිඳින්න කියලා මතක් කරනවා



