EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageFollowing (2024) | ඇයගේ අභිරහස් මරණය
ඔන්න මන් අද ආවේ මේ අවුරුද්දේ ආපු තවත් සුපිරි කොරියන් ෆිල්ම් එකක් අරගෙන. නම තමා Following. කොරියානු නම තමා 그녀가 죽었다. ඒකේ තේරුම තමා “ඇය මැරුනා” කියන එක. මේ ෆිලුම තියටර්වලට රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මැයි 15 වෙනිදා. ඩොලර් මිලියන 8.8ක ආදායමක් ලබන්න මේ ෆිලුම සමත් වෙනවා. පැයයි මිනිත්තු හතලිස් තුනක් පුරාවට ගලාගෙන යන මේ චිත්‍රපටිය අයත් වෙන්නේ Thriller, Mystery ගනයන්ට. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් කරන්නේ Kim Se Hwi විසින්. කාස්ට් එක පැත්තට ගියොතින් මන් කැමතිම නළුවෙකුයි, නිළියකුයි තමා ප්‍රධාන චරිත කරන්නේ. Byun Yo Han & Shin Hae Sun. මේ දෙන්නව නම් ඉතින් කොරියන් ඩ්‍රාමා බලන අය හොදටම දන්නවනේ. තව ප්‍රධාන චරිතයක් විදියට Lee El වත් බලාගන්න පුළුවන්. ෆිලුම ගැන කිව්වොතින් ඉතින් තත්පරයක් නෑර මාර කුතුහලෙන් බලන්න පුළුවන්.
《Summary – සාරාංශය》
ගු ජොන්ග් ටේ කියන්නේ දොබොන්ග්වල ජීවත් වෙන දේපල වෙළද නියෝජිතයෙක්. දේපල වෙළදාම් හින්දා මෙයා ගොඩක් ගෙවල් එක්ක වැඩ කරනවා වැඩියි. ඉතින් සේවාදායකයෝ විකුණන්න භාරදෙන ගෙවල්වල යතුරුත් මෙයා ළග තියේ. මෙන්න මේකත් එක්ක ආපු පුරුද්දක් තියේ මෙයාට. ඒ තමා කවුරුත් නැති වෙලාවට ගෙවල්වලට හොරෙන් රිංගන එක. නරක දේකට නම් නෙවේ. නිකම් බලන්න විතරක්. ඔන්න ඔහොම යද්දි මෙයාට හන් සෝරා කියලා ගෑනු කෙනෙක්ව අහම්බෙන් හම්බෙනවා. දැක්ක ගමන් සෝරා ගැන ජොන්ග් ටේට කුතුහලයක් එනවා. අන්තිමේ එයාට සෝරාගේ ගෙදර ඇතුලටම ගිහින් සෝරා මොන වගේ කෙනෙක්ද කියලා බලාගන්න ඕනෙ වෙනවා. එක එක විදියෙන් උත්සහ කලත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔන්න ඔහොම ඉද්දි දවසක් සෝරා ජොන්ග් ටේගේ ඔෆිස් එකට එනවා. වෙන මොකටවත් නෙවේ එයාගේ ගෙදර විකුණන්න භාර දෙන්න. ඔන්න ඒකෙන් ජොන්ග් ටේට නිකන්ම සෝරාගේ ගෙදරට යන්න පුළුවන් වෙනවා.
ඔහොම ටික දවසක් යද්දි සෝරාගේ ගෙදරට ජොන්ග් ටේ යන තුන්වෙනි දවසේ යද්දි සෝරා මැරිලා ඉන්නවා ජොන්ග් ටේ දකිනවා. බයවුන පාරට කෙලින්ම ආපහු යනවා එයා. පැමිණිලි කරන්නත් බැහැ.. මොකද එයා හොරෙනුයි ගෙදරට ගියේ. ඉතින් එදා රෑම ජොන්ග් ටේ ගනුදෙනුකාරයොන් එක්ක ගෙදර පෙන්නන්න කියලා සෝරාගේ ගෙදරට ආයේ යනවා. ඒ යද්දි සෝරාගේ මළසිරුර තිබ්බ තැන නැහැ. ඒකියන්නේ මිනීමරුවා මළසිරුර අරගෙන ගිහින්ද? එහෙනම් ගු ජොන්ග් ටේව මිනීමරුවා දකින්න ඇතිද? හන් සෝරාව මරන්න ඇත්තේ කවුරු වෙන්නැතිද? ඇත්තටම මැරිලද? මේ සේරටම උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරනවා.












