EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gi-eok-ui bam AKA Forgotten (2017) | ඔහුත් මමත්, එක රහසක්

 

ප්ලීස් ප්ලීස් ප්ලීස්.. කොරියන් හේටර්ස්ලා ඉන්නවා නම් උන්ටයි මේ කියන්නේ. උඹලා මේ මිස් කරගන්න යන්නේ පට්ටම පට්ටම පට්ටම ෆිල්ම් එකක්. ආයේ මම නොකීවා කියන්නෙපා. කොරියන් උන්ගේ රැවුල් වැවුනේ නැතුවටයි, කොල්ලොත් කෙල්ලෝ වගේ හිටියටයි, විකාර නම් තිබුණටයි අපිට මොටද ආයිබෝං. අපිට වැදගත් කතාවනේ. ෆීලින් එකනේ. හා නැද්ද කියන්න.

මේ ෆිල්ම් එක Netflix එකක්. එහෙම කිව්වමවත් මුන් බලයිද මන්දා 😀 මේක මම වෙන සබක් කොට කොට ඉන්න ගමන් නිකන් දමාගෙන බලපු එකක්. බැලුවා කියන්නේ බැලුවම තමා ඉතින්. එළියේ පොඩි පොදක් වැටෙන වෙලාවක, මහ රෑ තමා බැලුවේ. ෆීල් උනා අම්බානට. ඒ සනිකවම කරන සබ් එක බල්ලට ගියාවේ කියලා මේක ඇරන් මේකට සබ් කොටන්න ගත්තා. එහෙනම් බලන්න ගන්න තියෙන්නේ. ආයේ ඇස්වහක් කටවහක් නෑ විනාඩි 108ක් ෆිල්ම් එක දුවනවා එක දශමෙක කම්මැලිකමකට එන්න ඉඩ නොදී. ඇඟ හීතල කරලා දායි සත්තයි. ඔය එකී නොකී දෑ සියල්ලම මට නම් උනා ඉතින්. සමහරවිට ඉස්සරහට ඉතින් හොලිවුඩ්, බොලිවුඩ් රීමේක්ස් විදිහටත් මේක දකින්න පුළුවන් වෙයි. ඊට කලින් මේක බලලා ඉම්මුකෝ නේද?

සියොල් නගරය පැත්තෙන ඇදෙන කාර් එකක්.
අම්මයි තාත්තයි පුත්තු දෙන්නයි
අලුත් ගෙයක්, අලුත් ජීවිතයක්..
වසා දාපු කාමරයක්…
අනේ අම්මේ, අයියා…..
ගෙවුණු දවස් 19ක්…
ආයෙත් අපි සතුටින්,
ඒත් මොකක්දෝ අමුත්තක්?

එහෙනම් අනිවා බලහන් ඈ.. බලලා කමෙන්ට් එකක් දාහන් පිලුම ගැන.. ආ තව එකක්. මේකේ මෙහෙම වෙනවා ඇති, අරහෙම වෙනවා ඇති කියලා අනාවැකි කියන්නේ බලාගෙනයි. අනිවා ඔයාට වරදිනවා..

Comments

August 19, 2025

බලපු සුපිරිම ෆිල්ම් එකක්. subtitle කරපු කෙනා හොඳටම කරලා තියනව ,good luck අයියෙ. ඔයාගෙ රිවීව් එක නිසාම බලන්නම හිතුනා. මාරම ලස්සන ෆිල්ම් එකක් ❤️✨️