CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Friend Zone (2025) | “ යාළුකමට එහා ගිය බැඳීමක් ”

අද අරගෙන ආවේ ආදරේ ගැන කියවෙන, ඒ වගේම බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් සුපිරිම රොමෑන්ටික් කොමඩි (Rom-Com) ෆිල්ම් එකක්.

මේක නිකම්ම ආදර කතාවක් නෙමෙයි, මිතුදම සහ ආදරය අතර දෝලනය වෙන, පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන නිර්මාණයක්. කතාව ගලාගෙන යන්නේ “ක්වීන්” සහ “මාර්සෙල්” කියන පොඩි කාලේ ඉඳන්ම එකට හැදුනු හොඳම යාළුවෝ දෙන්නා වටා. හැබැයි ක්වීන් වෙන කෙනෙක් (කෝරි) එක්ක යාළු වෙන්න හදනකොට තමයි මාර්සෙල්ට තේරෙන්නේ එයාගේ හිතේ ක්වීන් ගැන යාළුකමට එහා ගිය ආදරයක් තියෙනවා කියලා. ඉතින් ක්වීන්ව තමන්ගේ කරගන්න මාර්සෙල් කරන මාර වැඩක් නිසා, අන්තිමට මුළු පවුලම හිතන්නේ මේ දෙන්නා හොරෙන්ම බැඳලා කියලා. මේ “බොරු විවාහය” ඇත්තක් කරගන්න මාර්සෙල් දරන උත්සාහය සහ ඒ අස්සේ සිද්ධ වෙන පටලැවිලි ටික තමයි මේකේ බලාගන්න තියෙන්නේ.

මේකේ විශේෂම දේ තමයි ප්‍රධාන චරිත දෙක අතර තියෙන කෙමිස්ට්‍රි එක. හොඳම යාළුවෝ දෙන්නෙක් ආදරවන්තයෝ වෙන හැටි සහ ඒ අතරමැද තියෙන ගැටුම් හරිම ලස්සනට සහ තාත්විකව මේකේ පෙන්නලා තියෙනවා. ඒ වගේම පවුලේ අයගේ මැදිහත්වීම් එක්ක සිද්ධ වෙන විහිළු සහගත සිදුවීම් නිසා ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම්ම කම්මැලි නැතුව බලන්න පුළුවන්.

ඉතින් ආදරය, විහිළු සහ සංවේදී අවස්ථා පිරුණු මේ ෆිල්ම් එක, යාළුකම ආදරයකට පෙරලෙන හැටි බලන්න ආස ඔයාලට නම් නියම ගැලපීමක් වෙයි.

Comments