EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Gangs of Godavari (2024) | “ගෝදාවරියේ කල්ලි”

 

 

ක්‍රිෂ්ණා චයිතන්‍යාගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ ෆිල්ම් එක ඇක්ෂන් – ක්‍රයිම් – ඩ්‍රාමා ශානරයට තමයි අයිති වෙනවා වගේම චිත්‍රපටයට පැය 2යි මිනිත්තු 10 ක ධාවන කාලයක් හිමියි.. ඒවගේම මං උඩ කියපු කාරණාව නිසා මේ ෆිල්ම් එකේ රේටිංග්ස් වලින් ෆිල්ම් එක ගැන හරියටම අදහසක් ගන්න බෑ.. මෙහි සංගීත අධ්‍යක්ෂනය වෙනුවෙන් යූවාන් ශංකර් රාජා දායක වෙන අතරම ෆිල්ම් එකේ ඒකාකාරී බවින් මිදෙන්න පුළුවන් ලස්සන සිංදු 4කුත් තියෙනවා.

GAAMI ෆිල්ම් එකට පස්සේ විශ්වාක්සෙන්ගේ 2024 දි නිකුත් වෙන දෙවෙනි ෆිල්ම් එක තමයි මේ “Gangs of Godavari” ෆිල්ම් එක.. ඒවගේම මේ ෆිල්ම් එකටත් තරමක් දුරට නොසිතූ ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමි උනා. මේ චිත්‍රපටයේ නිලියගේ භූමිකාව සමානව දෙන්නෙක්ට බෙදලා දීලා තිබුනා වගේම ඒ දෙන්නා අඩුවක් නැතුව ෆිල්ම් එකට වෙනම රසයක් එක් කරා.. මම මේ කිව්වෙ.. රත්නමාලාගේ චරිතයට පණ පෙවූ අංජලී ගැනයි බුජ්ජිගේ චරිතයට පණපෙවූ නේහා ශෙට්ටි ගැනයි.. නේහා ශෙට්ටිව මීට කලින් අපිට Tillu 2 දකින්න ලැබුනානේ..

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Vishwak Sen – [රත්නකර්]
Anjali – [රත්නමාලා]
Neha Shetty – [බුජ්ජි] – [රත්නාගේ බිරිද]
Sush – [බුජ්ජි] – [රත්නාගේ දියණිය]
Nassar – [නානාජි]
P. Sai Kumar – [‍ගෙද්දරාජු]
Goparaju Ramana – [‍දොරස්වාමි රාජු]
Ayesha Khan [CAMEO]

මේ කතාව ඇගේ ලේ රත් කරන කතාවක්.. කතාවේ නිවීමක් කියලා තියෙන්නේ අවසාන විනාඩි කිහිපයේ විතරයි.. මේ කතාවේ ප්‍රධාන කතාකාරයා තමයි රත්නකර් එහෙමත් නැත්නම් රත්නා.. රත්නා කියන්නේ ලංකාවෙ ජීවත් උන සෙල්ලක්කාර අපතයෙක්.. අපතයෙක් කිව්වට මොලෙන් ගේම් ගහන අපතයෙක්.. අපි කලින් බලපු ගොඩක් කතාවල මිනිස්සු සල්ලි බලය ඉස්සරහා වෙනස් උනා වගේම මේ කතාවෙත් සල්ලි තණ්හාවට බල ලෝභීත්වයට ඕනම දෙයක් කරන තැනට මිනිස්සු වෙනස් උනා.. ඒවගේම සුන්දර හදවත් තියෙන ලස්සන ජීවිත ගත කරන්න ඕන අයට උනේ මැරෙනකන්ම ප්‍රශ්න වලින් හෙම්බත් වෙන්න.. හැමෝටම තියෙන්න ඕන සුන්දර ළමා කාලය රත්නාට විදින්න උනේ නෑ.. දරුවෙක්ට එයාලගේ ලෝකය වෙන්නේ එයාගේ අම්මයි තාත්තයි.. රත්නාට ඒ ලෝකය අහිමි වෙද්දි එයා එයින් පන්නරයක් ලැබුවා. හැබැයි ඒ හොද අතකට නෙවෙයි.. පසු කාලයක් වෙද්දි එයා වගකීම් විරහිත කෙනෙක් වෙද්දි එයාට පිළිසරණක් උනේ රත්නමාලා කියන එයාගේ හොදම යාළුවා.. අපිට කතාවෙ මුලින් රත්නමාලා චරිතය ගණිකාවක් විදියට පෙන්නුවත් එතන තියෙන්නෙත් වෙනමම අසරණ වීමක්..

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

Comments

July 4, 2024

❤️👍