CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ghajini (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:A.R. Murugadoss
Year:2008
Subtitle By: ReSync By - Pasindu Tharuka (CineSubz ) (Subtitles By සමන් ප්‍රසාද් (BaiscopeLk))
Country: India
Cast
Go Full Cast PageGhajini (2008) | සෙනහසේ නමින් යුක්තිය සොයා
මේක ලස්සන ආදර කතාවක්. Asin මේක රඟපාන්නේ Kalpana කියන නිරූපිකාවකගේ චරිතය. Asin ගේ ලස්සන මම කියන්න ඕනා නෑ නේ. ඉතින් මෙයා Sachin කියන Air Voice දුරකථන සමාගමේ අයිතිකරු එක්ක ආදරයෙන් වෙලෙනවා. මං කොහොමද කියලා කියන්නෑ. කිවුවොත් ඒකෙ රසය නැතිවෙනවා. මේකේ Sachin ගේ චරිතය රඟපාන්නේ Aamir Khan. කොහොම හරි Kalpanaa දවසක් රූගත කිරීම් වගයකට Goa යමින් ඉද්දි අවයව ජාවාරමට විකුණන්න ගෙනියන ගැහැණු ළමයි වගයක්ව බේරගන්නවා. ඊට පස්සේ ඒ ජාවාරමේ ප්‍රධානියා Ghajini, Kalpana ව මරන්න එයාගේ ගෙදරට මැරයො සෙට් එකක් එවනවා. එතකොටම මේ වෙලාවෙම Sachin, Kalpana ව හම්බෙන්න එයාගේ ගෙදරට එනවා. හැබැයි එයා එතනට ආවත් Kalpana ව බේරගන්න හම්බවෙන්නෑ. ඒ වෙනුවට වෙන්නේ Sachin ටත් යකඩ පොලු පාරක් කන්න. මෙතෙන්දි Kalpana මැරෙනවා. ඒත් Sachin මැරෙන්නෑ. ඒ වෙනුවට වෙන්නේ එයාගේ මොළයේ ආබාධයක් ඇතිවෙන එක විතරයි. ලෙඩේ ගැන කියනවා නම් ඒකේ නම nterograde amnesia. මේකෙදි වෙන්නේ එයාගේ කෙටි කාලීනව මතකය අහිමි වෙනවා. ඒ කියන්නේ මිනිත්තු කීපයකට පසු කරමින් හිටපු දේ අමතක වෙනවා. ඒත් සමහර දීර්ඝ කාලීන සිදුවීම් කොටස් වශයෙන් මතක හිටිනවා. ඒත් ඒ මොළයට ඒ අනතුර වෙන්න කලින් තිබුණ මතකයන් විතරයි. ඔයාලට කියන්නම ඕනා. මේක ඇත්තටම තියෙන ලෙඩක්. ෆිල්ම් එකේ විතරක් නෙවේ. ඇත්තටම තියෙන ලෙඩක්. කොහොම හරි Sachin ඊට පස්සේ හදන්නේ එයාගේ ඉතුරුවෙලා තියෙන මතකය ඔස්සේ Ghajini ව හොයාගෙන එයාගෙ පෙම්වතියව මරපු පලිය ගන්නයි.
කතාව හරිම රසවත්. මං කතාව කෙටිම කරල කිවුවේ. කතාවම කිවුවා නම් ඔයාලට බලන්න දෙයක් ඉතුරු වෙන්නෑ නේ.



