EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ghosted (2023) | කෙල්ලෙක් නිසා වුණ හදියක්!

සේඩි කියන්නේ එයාගෙ යාලුවෙක් ලගදි නැතිවෙලා ටිකක් අවුලෙන් ඉන්න කෙල්ලෙක්. ඉතින් සේඩි එයාගෙ යාලුවව මතක් වෙන්නත් එක්ක මල් පැලයක් ගන්න කියලා කඩේකට යනවා. එතනදි තමයි මෙයාට කෝල්ව හම්බෙන්නේ. හැබැයි මෙයාලගෙ පටන් ගැන්ම නම් එච්චර හොඳ විදිහට කෙලවර වෙන්නෑ, දෙන්න රන්ඩුවකුත් වෙලා තමයි තවතින්නේ. කොහොම හරි කෝල්ගෙ යාළුවෙක් බල කරනවා සේඩි එක්ක ඇවිදින්න යන්න කියලා. ඉතිං ඒ බල කිරීම මත කොල්ලා සේඩි එක්ක ඇවිදින්න ගිහින් මේ සම්බන්දෙ හිතුවට වඩා දුර යනවා. පස්සෙ තමයි ඔක්කොම වැඩේ කනපිට හැරෙන්නේ. මොකද එදැයින් පස්සෙ ඉදන් කෝල්ට සේඩිගෙන් කිසිම කෝල් එකක්වත් මැසේජ් එකක්වත් එන්නැති වෙනවා. පස්සෙ කෝල් හොයාගන්නවා සේඩි ලන්ඩන් වල කියලා, පස්සෙ පොර ලන්ඩන් වලට කෙල්ලව හොයාගෙන ගියාම හිතුවෙවත් නැති අන්තම කරදර ගොඩකට වැටෙනවා. ඇත්තටම කවුද මේ සේඩි? කොහොමද කෝල් මේ කරදර වලට වැටුනේ? ඇත්තටම කවුද මෙයාල කියල දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා.

එහෙනම් ඔච්චරයි කියන්න යන්නේ, පැය 1 විනාඩි 56 පුරාවට පට්ට ආතල් සාගරේක කිමිදෙන්න ඔන්නම් මේක අරන් බලන්න සැක හිතන්නැතුව, සුපිරිම ෆයිට් වලින් පිරුණ හොඳ ඇක්ශන් ෆිලුමක් ඔයාලට බලාගන්න හැකිවෙයි.

Comments

November 11, 2024

Tnku