CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2162 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Guardian (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 08, 2024India120 Min.
Your rating: 1
8.4 25 votes
Guardian (2024) |”මරණයේ පළිගුව”

Guardian නොහොත් රැකවලා කියන්නෙ මේ Tamil ෆිලුම අයත් වෙන්නෙ Horror / Thriller කියන Category එකට.. පැයයි මිනත්තු 58 ක්‌ තමයි ධාවන කාලය නම් වෙන්නේ.. අධ්‍යක්ෂණය කරන්නේ Guru Saravanan කියන අධ්‍යක්ෂකතුමා විසින්.. ඒවගේම ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් ආදරේ කරන Hansika Motwani විසින්..

හංසිකා දැන් ඉස්සර වගේ නෙවෙයි නෙ.. ජෝතිකා ල, නයන් ල වගේ Main Character ෆිල්ම් කරන්න පටන් අරන් නෙ.. දැන් ඉතින් ඒ නිසා වැඩිය එයාව අපිට අර අහිංසක ආඩම්බර පෙම්වතියගේ චරිතයෙන් නම් දැකගන්න වෙන්නේ නෑ.. අනික් සීන් එක තමයි මෙයා Main Character කරන ෆිල්ම් සෙට් එකක්ම පහුගිය ටිකේ ආවත්, ඒවා එකක් වත් හිට් කරගන්න නම් හංසිකාට වාසනාව ලැබුනේ නෑ.. අනේ මන්ද.. පිටපත් වල තිබ්බ අවුල් ඒකට හේතුව වෙන්නත් ඇති..

Maha (2022), My Name shruthi (2023), 105 minuttess (2024) කියන්නේ ඒවගෙන් සමහරක්‌..එතකොට අපි මේ ෆිලුමට එද්දී ස්ටෝරි එකේ නම් කිසිම අවුලක් තිබ්බේ නෑ.. ලස්සනට කතාව ගලාගෙන ගියා.. ඒත් මට සමහර තැන් දෙක තුනක නම් පොඩි Confused සීන් ටිකක් තිබ්බ.. ඒත් ඒවා ලොකුවට ගණන් නොගෙන ෆිලුම බැලුව.. සාමන්‍යයෙන් Horror ෆිලුමකට කොමඩි කියන්නෙ නැතුවම බැරි දෙයක් නෙ.. මේකෙත් එහෙම ආතල් කොමඩි සීන් ටිකකුත් තියෙනවා.. සමහර කොමඩි නම් බලෙන් ඔබලා දෝ මන්ද කියලත් හිතුන.. අනේ මන්ද ඉතින් ඔයාලම බලන්නකෝ මොකෝ තත්වේ කියලා..

Cast
Hansika Motwani as Aparna
Suresh Chandra Menon as Gowtham
Sriman as Thyagu
Baby Krishitaas Yaazhin
Rajendran
Pradeep Benetto Rayan
Tigergarden Thangadurai
Abhishek Vinod

කතාව පැත්තට ගියොත්,

ප්‍රධාන චරිතේ අපර්ණා කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පිනියක්, ඒවගේම එයා ගොඩක් අවාසනාවන්තයි කියලා හිතාගෙන ඉන්න කෙල්ලෙක්.. මොකද මෙයා කරන කරන වැඩේ අවුල් කරගන්නව.. අනික එයා දේකට ආස කරොත් ඒක ලැබෙන්නෙත් නෑ.. ඔහොම ඉද්දි දවසක් සයිට් එකකදි මෙයාගේ කකුලේ ඇණයක් ඇනෙනවා.. ඇනිලා ඒ ඇණ පොල්ල යට තිබුණු ලස්සන පලිගුවකට මෙයාගේ කකුලෙන් ලේ බින්දු කිහිපයක් වැටෙනවා.. ඉතින් මෙයා ඔය පලිගුව ලස්සන නිසා ආසවට ගෙදර අරන් යනව.. ඔතනින් එහාට තමයි කෙල්ලගෙ ජිවිතේ කණපිට ගහන්නේ.. කෙල්ල හිතින් ගැබුරටම දෙයක් හිතුවොත් ඒ දේ සිද්ද වෙන්න ගන්නවා.. මුලදී නම් මේක මෙයාට අවුලක් වෙන්නෑ.. හැබැයි ටිකක් කල් යද්දී නම්.? මෙයා කෙනෙක්ට “මැරියන්” කිව්වොත් ඒ කෙනා කොහොම හරි මැරෙනවා.. ඕක සිද්ද වෙන්නේ ඔය කියන පලිගු ගල නිසා කියලා දැනගන්න අපර්ණා, කේන්තියට පලිගු ගල පොළොවේ ගහනවා.. ඇත්තටම කියනව නම් මේ පලිගුවට 4 බලගතු ආත්මයක් බන්දනය කරල තියෙන්නේ.. ස්වාමි මේ බන්දනයේදී කියනවා මේ පලිගුවට කාගේ හරි ලේ බින්දුවක් වැටුනොත් එයා හිතන හැම දෙයක්ම සිද්ද වෙයි කියලා.. හැබැයි කවුරු හරි මේ පලිගුව විනාශ කරොත් මරණය අත් වෙයි…

කාටද මරණය අත් වෙන්නේ.?
ඇත්තටම කව්ද මේ බලාගතු ආත්මය.?
මොකක්ද මේ පලිගුවේ කතාව.?

සේරම දැනගන්න හැමෝම මේ ලස්සන ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ❤️

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් සසංග (ශානා) (Cinerulk)
IMDb 6.6 /10 558 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Little Miss Rawther (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended: Dark Web (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jail (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Patna Shuklla (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ek Villain (2014) Sinhala Subtitle |දුෂ්ඨයෙක් පිලිබඳ වූ කතාන්දරය… | සිංහල උපසිරැසි සමඟ
Laandhar (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadamaiyai Sei (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published