EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Guardians of the Galaxy Vol. 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageGuardians of the Galaxy Vol. 3 (2023) | මන්දාකිණියේ රැකවළුන්ගේ අවසානය?
මේ අරන් ආවේ Guardians of the Galaxy ටීම් එකේ කොමික් පැත්ත ගැන පොඩි විස්තරයක්. ඉතින් වැඩි කතා නැතුව ඒ ගැන බලමු අපි.
Guardians of the Galaxy කියන්නේ Marvel Comics විසින් ප්‍රකාශයට පත් කරපු සුපිරි වීර කණ්ඩායමක්. Guardiansලා මුලින්ම පෙනී හිටියෙ Marvel Super-Heroes #18 (1969 ජනවාරි) කොමික් එකෙන්. ආරම්භක ටීම් එකේ හිටියේ Vance Astro, Martinex T’Naga, Captain Charlie-27, සහ Yondu Udonta. පස්සෙ ස්ටාකර් ඔගෝර්ඩ්, ඇලෙටා ඔගෝර්ඩ් සහ නිකීද මේ ටීම් එකට ඇතුළත් උනා. හැබැයි මෙයාලා අයිතී උනේ Earth 691වල 31වෙනි සියවසට. (ප්‍රධාන යුනිවර්ස් එක Earth 616 කියල දන්නවනෙ ඔයාලා)
Dan Abnett සහ Andy Lanning ලියපු cosmic Annihilation එකෙන් තමයි කොස්මික් සුපර්හීරෝ ටීම් එක earth 616 වලට අරන් ආවේ. ඒ 2008 අප්‍රේල් ආපු Annihilation: Conquest #6 කලාපයෙන්. 2008 ජූලි ආව Guardians of the Galaxy vol 2 #1 කලාපයෙන් මෙයාල නිල වශයෙනම ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි කියල නම් කෙරුනා.
Earth 616 වල ටීම් එක නිර්මාණය කරලා තියෙන්නේ Annihilation Conquest හි සිදුවීම් වලින් පස්සේ. පලවෙනි ටීම් එක තමයි Adam Warlock, Drax the Destroyer, Quasar (Phyla), Gamora, Starlord, Mantis, Groot සහ Rocket Raccoon ය. Annihilation Wave, Ultron සහ Phalanx ගේ ක්‍රී අධිරාජ්‍යයේ ආක්‍රමණයෙන් පස්සෙ විශ්වයේ සාමය බලාගන්න තමයි පීටර් කුයිල් මේ ටීම් එක හදාගන්නෙ.
Knowhere කියන තැන මූලස්තානය කරන් තමයි පීටර් මේ ටීම් එක හදාගන්නේ. පීටර් එයාගේ සහයකයා උන Nova (aka හියුමන් රොකට්) ගේ උපදෙස් අනුව තමයි නෝවෙයා වලට ආවේ. ඔහුගේ කණ්ඩායම සඳහා පීටර් ෆැලන්ක්ස් ආක්‍රමණය අතරතුර ක්‍රී අධිරාජ්‍යය සඳහා විශේෂ මෙහෙයුම් වල සේවය කළ හිටපු කණ්ඩායම් සගයන් සහ පෙර වරදකරුවන් උන අපරාධකරුවන් බඳවා ගත්තා.
ආයුධ විශේෂඥ සහ උපායශීලී දක්ෂ Rocket සහ සයිකික් පවර්ස් තියෙන Mantis එකතු කරගත්තා. ඒ වගේම පීටර් ඔහු කලින් සිද්දි වලදි වෙන් කරල තිබ්බ ක්වාසර් නම් විශ්වයේ ආරක්ෂකයා සහ ක්වොන්ටම් බෑන්ඩ්ස් හිමිකරු වෙච්ච phyla-vell එකතු කරගත්තා. ඒ වගේම නැවත ඉපදුන Adam Warlock, මන්දාකිනියේ භයානකම කාන්තාව ලෙස ප්‍රසිද්ධියට පත් වූ මාරාන්තික ඇසසින් කෙනෙක් වෙච්ච Gamora සහ Drax the Destroyer එකතු කරගත්තා.
පස්සෙ කාලෙක හෙලි වෙනව පීටර් විසින් මැන්ටිස්ගේ සයිකික් පවර් යූස් කරල ටීම් එකට කට්ටිය එකතු කරගන්නවා කියල. මෙික මුල් ටීම් එක වෙන් වීමට හේතුවක් වෙනව. ඔහොම ඔහොම ටීම් එකේ කතාව දිගින් දිගට යනවා. ඒවා කියලා ඔයාලව කම්මැලි කරන්න ඕනි නෑනෙ. සබ් එකත් එක්කම ෆිල්ම් එක බලන්නයි තියෙන්නේ දැන්.











