EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageGuruvayoor Ambalanadayil (2024) | රත්තරං මස්සිනාලා දෙන්නෙක්
දැනට IMDB 7.0 අගයක් තියෙන මේ චිත්‍රපටයත් බොක්ස් ඔෆිස් අතින් ඉතා ඉහලින් ඒ කියන්නෙ මේ වන විට කෝටි 90 ඉක්මවල ආදායම් ලබපු එකක්. මේ දිනවල විවිධ ශානර වල මලයාලි චිත්‍රපට වලින් ඉහළ ප්‍රතිචාර ලබා ගත්තා. මේක නම් මලයාලින්ටම ආවේණික සාමාන්‍ය සරල කොමඩියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ලොකු ලොකු ටොපික් නෑ ඉතා සරල කතාවක් බොහොම විනෝදෙන් රස විඳින්න පුලුවන් ජාතියෙ ප්ලොට් එකක් තමයි මේකෙ තියෙන්නෙ.
මේකෙ කතාව තියෙන්නෙ අපූරු මස්සිනාල දෙන්නෙක් ගැන. එක්කෙනෙක් ආනන්ද් කේරළේ අනිකා විනූ මැදපෙරදිග රැකියාවක. විනූට මගුල් යෝජනාවක් එන්නේ ආනන්ද්ගෙ සහෝදරිය අංජලී සම්බන්ධයෙන්. දෙමස්සිනෝ අතර සම්බන්ධය ගොඩ නැගෙන්නෙ එතනින්, තමන්ගෙ පෙම්වතියගෙ බූට් පාර කාල තනිකඩව ඉන්න අදහස් කරපු විනූව කසාදෙට නම්ම ගන්නෙ ආනන්ද්. අමතක කරන්න බැරිව හිටිය පරන පෙම්වතිය ජීවිතෙන් අයින් කර ගන්නත් ඒ වෙනකොට වෙන වෙනම හිටිය ආනන්ද්ගෙ බිරිය ආයෙමත් ඔහුගෙ ජීවිතයට ඇතුල් කර ගන්නත් දෙමස්සිනෝ එක මොහොතෙ එකඟතාවයකට එනවා. සඳහා ආපසු කේරළේට එන විනූ ප්‍රථම වතාවට තම මස්සිනා මුණ ගැහෙනවා.ඒ සමගම වෙන්නෙ හිතන්නෙ නැති පෙරළියක්.( හැබැයි නරඹන්නො ඒ වෙන කොට සීන් එක දන්නවා හොඳට ඇහැ ගහ ගෙන හිටිය නම්) මළ මගුලක් තමයි වෙන්නෙ. මේ මගුලට වැටෙන විවිධාකාර බාධක මැද්දේ මගුල් දිනය උදා වෙනවා.ඉතින් නරඹන්න.
ප්‍රීතිවිරාජ් සමග බැසිල් ජෝශප් තමයි මේ දෙමස්සිනාලා. අනස්වරා රාජන් සහ නිකිතා විමල් අනිත් පැත්තෙන් ප්‍රධාන චරිත දෙක. බැසිල්ම යොදාගෙන මේ වගේම ලස්සන ට්විස්ට් සහිත ජය ජය ජය හේ සහ අන්තරාක්ශරී චිත්‍රපට අධ්‍යක්ෂනය කල විපින් දාස්ගේ වැඩක් මේක.






