EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

GUTHLEE LADOO (2023) | කසල ගොඩේ පැළ වුන බීජය

IMDB දර්ශකයේ 7.7ක් පෙන්වන Ishrat R Khan ගේ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙය හිංදි කලාඅත්මක සිනමා රසිකයන් අතර හොඳ ප්‍රතිචාරයක් , විවිධ සම්මාන උළෙලවල් රාශියක් නියෝජනය කල චිත්‍ර පටයක්.

1949 සම්මත කර ගත් ඉන්දීය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සම්පූර්ණයෙන්ම කුලවාදය ප්‍රතික්ෂේප කර සියළු රටවැසියා තුල සමානාත්මතාව ස්ථාපි කර අධ්‍යාපනයේ අයිතිය තහවුරු කලත් ඊට දශක හතකට පසුවද එය සමහර ප්‍රදේශ වල වගන්ති වලට සීමා වී ඇති අතර කුලවාදී බෙදීම් වල අඩුවක් නැතිව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කුලහීන දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් තවමත් උල්ලංඝනය වෙමින් පවතිනවා, වඩාත්ම කණගාටු දායක තත්වය නූගත් එම ජනකොටස් සිය අයිතිවාසිකම් ගැන දැනුවත් නොවීම තුල තව දුරටත් තම ඉරණම පිළිගනිමින් වෙනසකට භාජනය නොවී ජීවත් වීම. ඒ තත්වය යටතේම කුලවාදීන් ඉතා උත්කර්ෂවත්ව සිය ව්‍යවස්ථව සමරනවා.මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ තම ඉරණමට එරෙහි වෙන දරුවෙක් වටා. සිය අධ්‍යාපනයේ අයිතිය තහවුරු කර ගැනීමට සටන් කරන ඔහුට ඔහුගේ පළමු ප්‍රතිවාදියා වන විදුහල්පතිගේම නිහඬ සහයෝගය ලැබුනත් පවතින සමාජ ක්‍රමය සහ ඔහුගේ රැකියාව මත ඔහුට කෙලින්ම සහයෝගය දිය නොහැකියි.

තවමත් ඉන්දියානු ජන සමාජයේ පවතින වැඩිය කතා නොකරන පැති කඩක් අපූරුවට මේ චිත්‍රපටයෙන් එළියට දානවා. සන්ජේ මිෂ්‍රා, සුබ්‍රත් දුත්තා සමග ළමා නළු ධනේ ශෙත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

Comments

April 15, 2024

please upload plot twist movies like memento, 12 monkeys etc with high imdb