EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Haider (2014) | වෛරය හා නිදහස !

 

හැමෝම දන්නවා ඇති.මේක Crime | Drama | Romance ගණයන්ට අයිතිවෙන චිත්‍රපටයක්. මේකට පාදක කරගෙන තියෙන්නේ විලියම් ශේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යය. චිත්‍රපටයේ Shahid Kapoor, Tabu, Shraddha Kapoor යන ජනප්‍රිය රංගන ශිල්පීන් රංගනයේ යෙදෙනවා. මෙයාලා ගැන ආයේ කියන්න දෙයක් නෑ. විශේෂයෙන්ම ශහීඩ් කපූර්ගේ මේ චිත්‍රපටයේ අතිදක්ෂ රංගනයක යෙදෙනවා. ඒ වගේම තමයි චිත්‍රපටයේම සාර්ථකත්වයට ලොකු හේතුවක් වෙලා තියනවා Vishal Bhardwaj ගේ අධ්‍යක්ෂණය. ඒ වගේමයි සංගීතය තිරරචනය සහ නිෂ්පාදනයත් ඔහු විසින්ම කරලා තියන එකත් ඒකට බලපාන්න ඇති. ඉතා ඉහළ ආදායමක් සහ ජනප්‍රියත්වයක් ලබපු චිත්‍රපටයක්. විශේෂයෙන්ම ශහීඩ්ගේ රැවුල ගැන අපේ කොල්ලෝ අතරේ මේ දවස්වල කතාබහට ලක්වෙනවා. තවත් කිවුවොත් 20 000+ ප්‍රේක්ෂක මනාපයකින් IMDbහි 8.7ක් ලබාගත් චිත්‍රපටයක්.

කතාව ගැන කිවුවොත් හේදර් කියන්නේ කශ්මීර්වල ඉපදුණු කෙනෙක්. මෙයාගේ තාත්තා දොස්තර කෙනෙක්. අම්මා ගුරුවරියක්.කශ්මීර් කියන්නේ ඉන්දියාවයි පකිස්ථානයයි වෙන් කරන දේශ සීමාව අසල පිහිටි ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ කැරලිකරුවන් කැරලි ඇති කරනවා. මේ කැරලිකාරයන්ගේ නායකයෙක් තමන්ගේ ගෙදර තියාගෙන ප්‍රතිකාර කරපු වරදට හේදර්ගේ තාත්තාව හමුදාවෙන් අරගෙන යනවා. හැබැයි මෙයා මැරිලද, තවම ජීවත් වෙනවද කියලා කවුරුවත් දන්නෙ නෑ. මේ සිද්ධිය වෙන්නේ හේදර් කශ්මීර්වලින් පිට ඉගෙන ගනිමින් ඉන්නකොට. මේ ගැන දැනගෙන ආපහු එන හේදර් තමන්ගේ තාත්තව හොයාගන්න ගොඩක් උත්සාහ කරනවා.හේදර්ට උදවු කරන්නේ එයාට ආදරය කරන අර්ශී. ඉතින් ඔහොම තාත්තාව හොයාගන්න එන හේදර්ට තාත්තා ගැන හොයනකොට එයාට අත්වුණ ඉරණම ගැන එක එක කතා අහන්න ලැබෙනවා. මේ කතාවලින් මොකක්ද ඇත්ත? මොකක්ද බොරු? කියලා හොයාගන්න හේදර්ට පුලුවන් වෙයිද කියලා දැනගන්න එක ඔයාලට භාරයි.

Comments