EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hard Home (2024) | සිංහල උපසිරැසි සමඟ

 

මව් සෙනෙහස ගැන අපි ඕන තරම් අහල තියෙනවා. මවකගේ ඇති දාරක ස්නේහය වෙනුවෙන් මවකට කොච්චර දුරක් යන්න පුලුවන්ද? තම තරුණ දියණිය දාම ඝාතකයෙක් විසින් ඉතා කුරිරු ලෙස ඝාතනය කල පසු, ඒ සම්බන්ධ FBI සහ පොලිස් පරීක්ෂණ ශක්තිමත් ලෙස සිදු නොවන තත්ත්වයක් තුල, අප්‍රතහිත ධෛර්යයකින් යුතුව, එම මිනීමරුවා සොයා යන මවකගේ කතාවක් රැගත් සිනමා නිර්මාණයකට තමයි අද උපසිරැසියක් අරගෙන ආවෙ. චිත්‍රපටය Hard Home. නිකුත්වුනේ 2024 ජුනි 25. Action, Mystery, Thriller විදිහට වර්ග කරන්න පුලුවන්. රංගනයෙන් එකතුවෙන්නේ Simone Kessell (මේරි), Andrew Howard (ඩියාබ්ලෝ), Joseph Millson (රොබර්ට්), Rachel Adedeji (සෙලීනා වෝල්) සහ Rosie Day (කෙලී). ධාවන කාලය විනාඩි 87 යි.
               මේරි ෆ්ලින්ට් තරුණ දියණියකගේ මවක්. වෘත්තියෙන් ඉංජිනේරුවරියක්. ඇගේ දියණිය කෙලී, ඩියාබ්ලෝ නමැති දාම ඝාතකයාගේ ගොදුරක් බවට පත්වෙනවා. සිරුර හමුවෙන්නෙත් පුච්චලා තියෙනකොට. වසර ගණනාවක් පුර බොහෝ තරුණියන් මේ ඩියාබ්ලෝ අතින් ඝාතනයට ලක්වී ඇති අතර සෑම වින්දිතයෙකුගෙම දිව කපා දමා තිබුනා. නමුත් කෙලීගේ දිව කපා දමා තිබුනේ නෑ. කෙසේවෙතත් වසර ගණනාවක පරීක්ෂණ වලින් මොහුව තවමත් අනාවරණය කරගන්න බැරිවෙලයි තියෙන්නෙ. වේදනාවෙන් කකියන හදකින් යුතු මේරි මේ මිනීමරුවාව ලේසියෙන් අතහැරීමට කැමති වෙන්නෑ. ඇය තනියම මේ ගැන හාර අවුස්සන්න පටන් ගන්නවා. ඒ වගේම තම දැනුම පාවිච්චි කරලා තම නිවස, ඉහළ තත්ත්වයේ තාක්ෂණික නිවසක් බවට පත්කරලා, ඒක තනිකරම උගුලක් බවට හරවනවා. ඒ මිනීමරුවා සොයාගෙන, ඔහුව මේ උගුලට රැගෙන ඒමට මේරිට හැකිවෙයිද? ඒත් ඇගේ පලිගැනීම හිතපු විදිහටම වෙයිද? පිළිතුරු සඳහා මේ Action packed revange thriller එක නරඹමු.
මේකෙ 18+ සීන් නෑ කියල විශේෂයෙන් කියන්න ඕනෙ.

Comments

January 12, 2025

මචන් උබලා කරන මේ වැඩෙ නම් පට්ට. තව මේකට 18+ කැලී තියනවද කියලා ආදල පොස්ට් එකේම දන්න පුලුවන් නම් එක මරු. ෆිල්ම් එකක් ගෙදර අයත් එක්ක බලන අයට තමා බ්‍රො මේකේ අගේ දන්නේ.

March 6, 2025

🫤