CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2860 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+

Dec. 04, 2015India126 Min.
Your rating: 0
7.4 5 votes
Hate Story 3 (2015) | ඔහු ආයෙත් ඇවිදින්.. ද්‍රෝහී වූ ආලය සොයා | 18+

 

වෛරයේ පළමු දිගහැරුම

ඇය කාව්‍යා ක්‍රිෂ්ණා. මාධ්‍යවේදිනියක්. දවසක් ඇය එක් වංචාවක් නිරාවරණය කරගත්තු නිසා ඇයට ලොකු හතුරෙක් බිහිඋනා. සිද්ධාර්ත්. ඒත් ඇය දැනගෙන හිටියේ නැහැ ඔහු ඇගේ හතුරෙක් කියලා. ඔහු ඇයගේ ලෝකයට ආවේ ආදරය අරගෙන. ඇය ඒ ආදරයෙන් මත් උනා. ඇයට සිද්ධාර්ත්ව මුළු ලෝකයම උනා. ඒත් ඇත්ත දැනගනිද්දී කාව්‍යා ඒ ආදරේ නවත්තන්න බැරි දුරක් ගිහින් තිබුණා. ඇයටත් මුකුත් හිතාගන්න කලින්, සිද්ධාර්ත් ඇයව අන්ත අසරණ කරා. ඇයට තවත් අහිමි වෙන්න දෙයක් තිබුනේ නැහැ.. ඊටපස්සේ… එළඹුණේ ඇගේ වාරයයි…

 

වෛරයේ දෙවන දිගහැරුම
ඇය සෝනිකා. ලස්සන යුවතියක්. ඒත් තමන්ගේ තරුණ වයසේම ඇයට මන්දාර් කියන දේශපාලකයාගේ අනියම් බිරිඳ වෙන්න සිද්ද වෙලා තිබුණා. ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙච්ච සෝනිකාගේ ජීවිතේට ආලෝකයක් ආවේ හිටිහැටියෙමයි. ඒ ඇය යන ජායාරූප පංතියේ ඉන්න අක්ෂය කියන කඩවසම්  ඔහු ඇයගේ අතීතය නොසළකා ඇයට ආදරය කරා. ඇයත් එහෙමයි. ඒත් සෝනිකාට සතුටු වෙන්න මන්දාර් ඉඩ තිබ්බේ නැහැ. මන්දාර්ගෙන් සෝනිකාටවත් අක්ෂයටවත් කිසිම විදිහේ ගැලවීමක් තිබුනේ නැහැ. සෝනිකාගේ දෑස් ඉදිරිපිටම මන්දාර්ගේ මැරයන් අක්ෂයව මරලා දැම්මේ ඇගේ වැළපීම් ගණනකට නොගෙනයි. සෝනිකාගේ ජීවිතෙත් අවසන් මිනිත්තු කීපය ගතවෙමින් තිබුනේ. ඇයව පණපිටින්ම මිනිපෙට්ටියක දාලා වළලලා මැරයන් යන්න ගියා. පොලව යට අවසන් හුස්ම පොද හෙලන්න ඔන්න මෙන්න තියෙද්දී සෝනිකාට අවසිහියෙන් වගේ දැනුනේ කවුදෝ වල හාරන බවක්… ජීවිතේ ඇයට තවත් අවස්ථාවක් දෙනවාවත්ද.. ඇයව විනාශ කරපු අධමයන් නැවත හමුවන්නට….?

 

අද….. වෛරයේ තෙවන දිගහැරුම
ආදිත්‍ය… සාර්ථක ව්‍යාපාරිකයෙක්. දවසින් දවස ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්ත දක්වා ගමන් කරමින් හිටියේ. හැමදේකටම ළඟින් හිටියේ රූමත් බිරිඳ සියා. ආදරෙන් පිරුණු ඔවුන්ගේ පවුල් ජීවිතය. දවසක්… නන්නාදුනන කෙනෙක්ගෙන් හිතාගන්නවත් බැරි විදිහේ තෑග්ගක්.. සෞරව් සිංහානියා.. කවුද මේ? අඳුරන්නේ ඇති අයට මේ වගේ වටිනා තෑගිත් දෙනවද?

 

ආදිත්‍ය, මං ඔයාට ඉල්ලන ඕනම ගාණක් ණයට දෙන්න ලෑස්තියි… ඇපයක් ඕනත් නැහැ.. පොලියක් ගන්නෙත් නැහැ..
-හොඳ සිහියෙන්ද කතා කරන්නේ? කවුද ඔය වගේ ණය දෙන්නේ? පොලියක්, ඇපයක් ගන්නේ නැතුවම..!!
-අනිත් අය ගැන මං දන්නේ නැහැ, ඒත් මං කරන්නේ ගනුදෙනුවක්..?
-මොකක්ද ගනුදෙනුව..??
-එකම එක රෑකට විතරක් සියාව මං ගාවට එවන්න!!!

 

සෙල්ලම පටන් ගත්තා…..

 

“ආදිත්‍ය, මේ සෞරව් කියන්නේ අපිට පේන කෙනා නෙමේ. ඇයි එයා අපි පස්සෙන් මෙහෙම පන්නන්නේ? අපි නොදන්න තව මොකක්හරි දෙයක් මෙතන තියෙනවා. ඒ මොකක්ද කියල හොයන්න ආදිත්‍ය. දෙයියන්ගේ නාමෙට හොයන්න…”

 

“මං දන්නවා සෞරව්, ඔයා හදන්නේ මාව ආදිත්‍යගෙන් පලිගන්න පාවිච්චි කරන්න. හතුරාගේ හතුරා කියන්නේ මිතුරෙක්නේ.
-ලස්සන වගේමයි ඔයාගේ මොළෙත් කායා.. ඔය ගොඩක් අනතුරුදායකයි වගේ.

-වෙන්න ඇති. ඒත් ඔයා තරමට නම් නැහැ.”

“සියා, මට පොරොන්දු වෙන්න! මොන තත්වයක් උඩදීවත් අර පාහර සෞරව්ව හම්බවෙන්න යන්නේ නෑ කියලා..

පොරොන්දු වෙන්න… ඇයි කතා නොකරන්නේ??”

 

මේ මත්බවක්ද.. නැතිනම් විෂක්ද
මේ ආදරයට අපි කුමක් කියා අමතමුද….
නුඹ දන්නේ මොනවාද, මාගේ අරමුණු ගැන..
දවසක යන්නම් නුඹේ හුස්මත් අරගෙනම…
තවමත් මා ජීවත් වන්නේ
නුඹ නිසාවෙන්මය…
එන්න ඒ අසම්පුර්ණ වූ කතාව, අද සම්පුර්ණ කරන්නට…!!
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Hate Story 3 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මයුර සුරාජ් (Baicope)
IMDb 4.6 /10 3,542 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Sharman Joshi isAditya Singh
Aditya Singh
Zareen Khan isSiya Singh
Siya Singh
Karan Singh Grover isSaurav Singhania
Saurav Singhania
Puja Gupta isDancer in 'Neendein Khul Jaati Hain' Song
Dancer in 'Neendein Khul Jaati Hain' Song

Similar titles

Elvis (2022) Sinhala Subtitles
Madhi (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madam Chief Minister (2021) Sinhala Subtitles
Shabaash Mithu (2022) Sinhala Subtitles | “නිල් පැහැයෙන් සැරසුණු කාන්තාවෝ” | සිංහල උපසිරැසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scream VI (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aravindha Sametha (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Masooda (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Sister (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Satan’s Slaves 2: Communion (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Yaadhum Oore Yaavarum Kelir (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malik (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published