EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHell or High Water (2016) Sinhala Subtitle
Hell or High Water (2016) Sinhala Sub
Hell or High Water (2016) Sinhala Subtitle
Hell or High Water (2016) Sinhala Subtitles
අද මං ඔයාලට අරගෙන ආවේ, American/Western/Crime ගණයට අයිති ෆිල්ම් එකක්. කව්බෝයි ටයිප් එකක්. මේකේ නම දැනටමත් ඔයාලා දන්නවනේ. මේ කියමනේ තේරුම තමයි, “මොනතරම් අමාරු, අසීරු අවස්ථා ආවත් තමන්ට යම් දෙයක් කරන්න තියෙනවා නම් ඒක කොහොමහරි කරන්න ඕනේ” කියන එක.
මේ කතාවේ අයියා මලෝ දෙන්නෙක් බැංකු මංකොල්ල කනවා. ඒවගේම එයාලට ඉව අල්ලගෙන ඒ කොට්ඨාශයේ විශ්‍රාම යන්න, ඔන්න මෙන්න ඉන්න නිළධාරියෙක් පස්සෙන් පන්නනවා. එයාට මේ අයියා මලෝව අල්ලන්න පුලුවන් වෙයිද, එයාලා මේක කරන්නේ ඇයි කියල මේක බැලුවොත් ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි. ආහ්, අපි Money Heist/ Bank Heist ෆිල්ම් කොච්චර බලලා තිබ්බත්, ඇමෙරිකාවේ බටහිර පැත්තේ බෑන්ක් රොබරීස් දෙන ෆිල්ම් නම් ඉතා ස්වල්පයයි තියෙන්නේ. ඒ වගේම ඇමෙරිකාවේ බටහිර පැත්ත මොන වගේද, ආරක්ෂක අංශ ගැන, භාවිතා වන යෙදුම් ගැන, ඉතිහාසය ගැන අපිට මේ වගේ ෆිල්ම් වලින් ඉගෙන ගන්න පුලුවන්. ඉතිං මේක මග නොහැර බලන්න කියලා මං නැවතත් යෝජනා කරනවා.
මේ ෆිලුමට ගූගල් පරිශීලක දත්ත 88% ක ප්‍රමාණයකුත්, IMDB අගය 7.6/10 ප්‍රමාණයකුත්, රොටන් ටොමැටෝස් 97% ක ප්‍රමාණයකුත් ලැබිලා තියෙනවා. Chris Pine, Ben Foster සහ Jeff Bridges මෙහි ප්‍රධාන නළු භූමිකා ත්‍රිත්වයෙන් දායක වෙනවා. සම්මාන ලෙස Independent Spirit Award for Best Supporting Male සහ Satellite Award for Best Actor in a Supporting Role ලැබිලා තියෙනවා. එහෙනම් තවත් උපැසිරැසියකින් නැවත හමුවෙමු!









