EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHer (2024) | “ඇය”
අදත් මම අරගෙන එන්නෙ මලයාලම් ෆිල්ම් එකක් , ෆිල්ම් එක ඇදිල්ලනම් මාසයක් දෙකක් වෙනවා , නමේ විදිහටම මේක ගෑණු අයට මූලිකත්වය දීලා හදපු කතාවක් , කතාව ගලාගෙන යන්නෙ කතා කීපයක් විදිහට , හැබැයි අන්තිමට මේ හැම කතාවක්ම එකිනෙකට සම්බන්ධයි
රංගනයෙන් දායක වෙන්නෙ අපි මලයාලම් සිනමාවෙ නිතර දකින නිලියන් වෙන ISHWARYA RAJESH , PARVATHY THIRUVOTHU , LIJOMOL JOSE , RAMYA NAMBEESSAN , URVASHI , කියන නිලියන් ටික තමයි , මීට අමතරව PRATAP POTHEN , RONY DAVID , RAJESH MADHAVAN , වැනි නලුවොත් මේකෙ රංගනයෙන් එක්වෙනවා , IMDb අගය 5.1/10 ක් වගේ තමයි හම්බෙලා තියෙන්නෙ , DRAMA කියන ශානරයට තමයි අයිති
එකිනෙකට වෙනස් කතා 5 ක් සම්බන්ධ වෙලා හැදුන නිසා කතාව ගැන කෙටියෙන් කියන එක ටිකක් අමාරුයි , මුල්ම කතාව පටන්ගන්නෙ හදිසියෙම පාරෙදි වැසිකිලියට යන්න ඕන උන කාන්තාවකගෙන් , කොච්චර ගෙවල් වලින් ඇහුවත් එයාට උදව් කරන්න කදුරුවත් කැමති නෑ , පොදු වැසිකිලි පවා රස්තියාදු කාර මිනිසුන්ගෙන් පිරිලා හින්දා ආරක්ශිත බවකුත් නෑ , මෙතනින් එහාට ඔයාලට බාරයි
සමලිංගිකත්වය , රාගය , කාන්තාවන්ට සමාජයේ වෙන තාඩන පීඩන හිරිහැර , කාන්තාවන්ගෙ අධික මාන්නය , ලොකුකම , ඉරිසියාව , ආදරය වැනි දේවල් ඇතුලත් වෙලා තමයි මේ කතා හැදිලා තියෙන්නෙ , මුලින් එකිනෙකට වෙනස් වගේ පෙනුනත් අන්තිමේදි හැම දෙයක්ම සම්බන්ධ වෙනවා
ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධනා කරමින් අදට සමුගන්නවා


