EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageHichki (2018) | ඉක්කා ගහන අපෙ ආදර ඉස්කෝල නෝනා
ළමායි, එතකොට අපිට අවසානෙදි මේක (වහ්හ්, වහ්හ්) විසඳගන්න පුළුවන් එක තියරියක් තියෙනවා. ඒ කියන්නේ සෘජුකෝණික ත්‍රිකෝණයක (චහ්හ් චඃ චහ්හ්) පාද දෙකේ සමචතුරශ්‍ර වල වර්ගඵලයන් (වහ්හ් වහ්හ් වහ්හ්) වල එකතුව සමාන වෙනවා කර්ණයේ (චහ්හ් චඃ) සමචතුරශ්‍රයේ (වහ්හ් වහ්හ්) (උගුර කසන හඬක්) වර්ගඵලයන් වල එකතුවට.. (චහ්හ්හ් චහ්හ්) එතකොට කර්ණයේ දිග හොයන්න නම්……
“අහන්ද ඉන්නේ? අමුතුයි වගේද? නෑ පයිතගරස්ගේ ප්‍රමේය ගැන නෙමේ අහන්නේ, ඒක නම් ඔයාලා දන්නවා ඇතිනේ. අර අතරින් පතර ආපු සද්ද ටික ගැනයි ඇහුවේ? ඔව්, ඒ අපේ මිස්. අපේ පන්තියට ආපු අලුත්ම මිස්. වචන 10ක් කතා කරොත් ඒකෙන් 9කම තියෙන්නේ චහ්හ් එකයි වහ්හ් එකයි. එකම විකාරයක්. හිනා කාලා පණ ගියා මෙයා ආපු මුල් දවස් වල නම්. මොකක්දෝ ලෙඩක්ය කියන්නේ ඒක. අපි ඉතින් සමහර දවස් වලට ඉස්කෝලේ එන්නෙත් මෙයාගේ චා චා චූව අහලා ලේ ටිකක් පිරිසිදු කරගන්න. වෙන වැඩක් වුණේ නම් නෑ මේ ඉස්කෝලෙන්. අපේ පන්තිය 9F, අපිට ඉස්කෝලේ පේන්න බෑ වගේම තමා ඉස්කෝලෙටත් අපිව පේන්න බෑ. මුළු ඉස්කෝලෙම අපි දිහා බැලුවේ අමුතු සත්තු ටිකක් ගානට දාලා. ඕකුන් කැමති ඇති 9F පන්තිය පුළුවන් නම් ඉස්කෝලෙන් අතු ගාලම දාන්න. අපි ඉගෙන ගත්තෙත් නෑ, ගන්න ඕන වුනෙත් නෑ. පහුගිය මාස 6ටම අපේ පන්තියට වැඩ බාර අරන් ගුරුවරු 7ක් ආවා. හිටියේ දවසයි දෙකයි. අපි මට්ටු කරා ඒකුන්වත්. ඔය දැන් බෝඩ් එකේ ලිය ලිය සද්ද දාන්නේ 8 වෙනියා… හැබැයි ඔයාලට කියන්න, මේ සැරේ නම් කතාව ටිකක් වෙනස් වුණා, වෙනදා වගේ නම් නෙමේ. හැබෑට වචන 3ක් හරියට කතා කරගන්න බැරි, ඉක්කා ගහන මිස් කෙනෙක් කොහොමද අපේ කතාව වෙනස් කරේ??
2018 මාර්තු මාසේ 23 වෙනිදා… Hichki නිකුත් වුණා. සිනමා ශාලා ටිකට් කවුළු මිනිස්සුන්ගෙන් පිරුණා.. චිත්‍රපටිය බලලා එලියට ආපු අයගේ ඇස් තෙත් වෙලා තිබ්බා. විචාරක මහත්තුරු හොඳ හොඳ විචාර දෙන්න ගත්තා. ඔක්කොටමත් එහා තමයි, මම මේ ජීවිතේ බලපු හොඳම චිත්‍රපටි ගොන්නට තවත් චිත්‍රපටියක් එකතු කරගන්න හම්බවුණා. සාරාංශය එච්චරයි. මේ තියෙන්නේ දැනට මේ අවුරුද්දේ ආපු සහ මම බලපු බොලිවුඩ් චිත්‍රපටි වලින් නොම්බර 1. ආයී ඉතින් ඒ ගැන කතා දෙකක් නෑ. අවුරුදු හතරකට පස්සේ කවුරුත් ආදරේ කරන ගොරහැඩි කෙල්ල ආයෙත් ඇවිල්ලා. රාණි මුඛර්ජි, ඒ ආවෙත්.නිකම්ම නෙමේ ෆුල් බ්ලාස්ට් එකක් එක්ක. සමහර බ්ලාස්ට් තියෙනවා බලන්න විතරයි, ඔළුවට ගන්න දෙයක් නෑ.හැබැයි බොක්ස් ඔෆීස් රෙකෝඩ් හොල්ලනවා. හැබැයි මේ බ්ලාස්ට් එක නම් එහෙම පුස්සක් නෙමේ. මේ ඉක්කා ගහන ඉස්කෝල ටීච, කෝටි 20ක් වියදම් කරලා ලොව වටා තිරගත කරලා ආසන්න වශයෙන් කෝටි 76ක් උපයා ගත්තා. ඉන්දියාවේ විතරක් කෝටි 45ක්. රේටින් ගත්තම 7.5යි. අනේ මන්දා තව මොනා කියන්නද හිතාගන්න බෑ. එක්කෝ යන්නම් නේද? එක අතකට සරුව පිත්තල නොවන රාණිලා වගේ නිළියන්ගේ රඟපෑම් එක්ක මේ වගේ කතන්දර බලන්න අපි වාසනාවන්තයි කියන්න ඕන. මොකද, ඉස්සරහට ඉන්නේ පියරු බබ්බු ටිකක්නේ. එහෙනම් දැන් යන්නම් මං. හින්දි චිත්‍රපටි දැක්කම වමනේ යන්න වගේ එන අයට උනත් ආරාධනා කරන්නේ, වෙනසකට වගේ එකම එක පාරක් මේ වගේ එකක් බාගෙන බලන්න. ආයේ පසුතැවෙන එකක් නම් නෑ… ජීවිතේටත් ගොඩක් දේවල් ගන්න පුළුවන්. මුළු සමාජයක් ගොඩගන්න පුළුවන් වෘත්තියක්, හරියට සිද්ධ උනා නම් අපේ රට උනත් මොන තරම් නම් වෙනස් වෙන්න තිබ්බද කියලා හිතෙයි. එහෙනම් බලන්න, අඬන්න, අදහස් පහලින් බෙදන් යන්න. !!








