EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Hindi Medium (2017) | ගොඩයන්ට පොෂ් ඉස්කෝලයක්…

නය 2017 මැයි මාසේ 19. බොලිවුඩ් රසිකයෝ මග බලාගෙන හිටපු දවසක්. ඒ කවුරුත් ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු Half Girlfriend තිරගත වෙන දවස හින්දා. හැබැයි එදා තව පොඩි ෆිල්ම් එකකුත් තිරගත උනා. සුපුරුදු විදිහට ටිකට් කවුලුවේදි තමන්ගේ ආධිපත්‍ය පතුරන්න Half Girlfriend සමත් උනා. හැබැයි ඒ දවස් දෙක තුනක් යනකම් විතරයි. බාග කෙලීට පෙම් බැන්ද අය ටික ටික තමන් යන පැත්ත වෙනස් කරන්න ගත්තා. Hindi Medium ටිකට් කවුලු ප්‍රේක්ෂකයාගෙන් පිරිලා ගියා. Half Girlfriend කෝටි 50කට 60කට තමන්ගේ ආදායම සීමා කරගනිද්දි Hindi Medium නැවතුනේ කෝටි 100 සීමාවත් පහු කරලයි. හරියට කිව්වොත් මේ අවුරුද්දේ කෝටි 100 සීමාව පහු කරපු 5වෙනි චිත්‍රපටිය තමා Hindi Medium. ඔව් ඒ කිව්වේ Raees, Kaabil, Jolly LLB 2, Badrinath Ki Dulhaniya වගේ සුපිරි නලු නිලියන් ඉන්න චිත්‍රපටි අතරේ මේ පුංචි සලරුවත් වැජඹුනා. ඔව්, වසරේ අනපේක්ෂිත සුපර් හිට් එක. ආසාවට එක නරක විචාරයක් හොයාගන්න බැරි වෙයි. රේටින් බැලුවොත් අද වෙද්දි දහයෙන් 8ක් අරන් තියෙනවා. හොඳම ඉන්දියානු සිනමාපට අතර 95වන ස්ථානය වෙන් කරගෙන තියෙනවා.

ඔව්. පඳුර වටේ තලලා ඉවරයි. පඳුර තලන්න අදහසක් නෑ. Comedy, Drama වලට අයිති වෙන Hindi Medium පැය දෙකක් පුරාවට හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් සලරුවක්. හිනා නොවී ඉන්න බැරි වෙයි. වෙලාවකට සංවේදී වෙයි. සුපිරි ප්‍රවීණ නලු ඉර්ෆාන් ඛාන් එක්ක පාකිස්තාන් නිලි සාබාට අමතරව දීපක් දොබ්‍රියාල්, අම්‍රිතා සිං මේ සලරුවට ජීවය දෙනවා.

අවසානයට කියන්නේ, ලිපියට Half Girlfriend ගාව ගත්තේ කිසිම අපහාස කිරීමේ චේතනාවකින් නෙමේ. මේ සලරුවේ වටිනාකම පෙන්වන්නයි. නැත්තම් මේකත් පැත්තකට විසික් කරලා දායි. මේක නිකම් කොමඩියක් නෙමේ යමක් තේරුම් ගන්න පුලුවන් කොමඩියක්. එහෙනම් පිනැත්තෝ බලත්වා!!

Comments